lan englan tam

පුවත්

'මන්දාරා' මැයි සිට සිනමාහල්වල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ නිසල නිල්වන් ගැමි පරිසරයත්, ජනාකීර්ණ වෛවර්ණ නගරයත් පසුබිම් කොටගෙන මැවෙන "මන්දාරා" සිනමාපටය ඊටම සරිලන මිහිරි නාද සංකලනයෙන් ද සංගීතයෙන්ද මනාව හැඩ වූවකි.

හසුරුවාගත නොහැකි තම කෝපාවේගයේ පිපුරුමට හසුවී සුන්නද්ධූලි කරගත් පෙම් සිහිනයේ අතරමංව අපේක්ෂා භංගත්වයට පත්වූ සිවිල් ඉන්ජිනේරු "විශ්ව" ගේ සහ ප්‍රේමයම පසුපස හඹාගොස් දිනනු නොහැකි වූ අති දක්ෂ ක්‍රීඩා තාරකාවක වන සුරූපී "මන්දාරා" ගේ දෙපසකට දිවෙන ජීවිත මාවත, තම කුරිරු මාමාගේ මරණ වරෙන්තුවෙන් ගැලවී වික්‍රමාන්විතව පලායන "යශෝරා" නම් අවිහින්සක අනාථ දැරියගේ ඉරණම හා පැටලෙන්නේ අහම්බෙනි.
හදිසියේම ඇතිවෙන නව ජීවන සබඳතා මේ තිදෙනාගේම කතාව අමුතුවෙන්ම ලියැවෙන තැනකට ජීවිත පොතේ පිටු පෙරළවනු "මන්දාරා" චිත්‍රපටය තුලින් අපි දකිමු.
විශ්වගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් ද, මන්දාරාගේ ආදරයට නව අරුතක් ද, අනාථ දැරිය යශෝරාට, ඇයට උරුම ධනයද හිමිකර දෙන්නට ඉරණම ඉඩ හරියිද?
මන්දාරා - වසරේ නැරඹිය යුතුම චිත්‍රපටිය. මැයි මාසයේ සිට දිවයින පුරා සිනමාහල්වල.

මන්දාරා ෆේස්බුක් පිටුවෙනි.

Back to top
Go to bottom

Popular News