lan englan tam

පුවත්

අලුත් මගක් තනන 'අලුත් කවි මංජුසාව' යළි උපදී 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නූතන කවිය අධ්‍යයනය උදෙසා මහචාර්ය සරත් විජේසූරිය ම්සහ මහාචාර්ය කුසුමා කරුණාරත්න සමග එක් වී සකස් කළ 'අලුත් කවි මංජුසාව' කාව්‍ය සංග්‍රහය යළි මුද්‍රණය ආරම්භ කර තිබේ. 

'අලුත් කවි මංජුසාව' එළිදැක්වීම මාර්තු 12 වැනිදා සවස 3.30ට කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී සිදු කෙරේ.
 
2021 සිට උද්ගත වූ කාලීන් ගැටලු හේතුවෙන් මුද්‍රණය නැවතූ මෙය යළි මුද්‍රණය නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගි වන ලෙස මහාචාර්ය සරත් විජේසූරිය මහතා විවෘත ආරාධනයක් කරයි.
 
"විශ්ව විද්‍යාලයේ සේවයට බැඳුණු  අවස්ථාවේදී මම "නව කවි සංග්‍රහය" නමින් කෘතියක් මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සමගින් සකස් කළෙමි. 
 
එය නූතන කවිය අධ්‍යයනය උදෙසා සකස් වූවකි. ලාල් හෑගොඩ කවියා දක්වා පිරිසකගෙන් එය සමන්විත විය. "අලුත් කවි මංජුසාව" එතැන් සිට 2021 කාලය දක්වා කවියන් හා කිවිඳියන් පිරිසක් නියෝජනය කරමින් සම්පාදනය කරන ලද්දකි.  
 
ප්‍රමාණයෙන් විශාල කෘතියක් වූ මෙය පළ කිරීම අසීරු වූයේ මුද්‍රණ වියදම අධික වූ හෙයිනි. මිතුරන් දෙදෙනෙකුගේ කාරුණික සහයෝගය හේතුවෙන් විද්‍යාර්ථීන්ට - පාඨකයන්ට සහන මිලකට ලබා ගත හැකි අන්දමට මේ කෘතිය පළ කිරීමට හැකි වී තිබේ.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී  "අලුත් කවි මංජුසාව"  ප්‍රකාශයට පත් කෙරේ. එම අවස්ථාවට සහභාගි වීමට කෙරෙන විවෘත ආරාධනාවයි මේ.
 
මම සරත් විජේසූරිය"
Back to top
Go to bottom

Popular News