lan englan tam

පුවත්

'පාදනමස්කාරය' මුන්නක්කරේ දහම් පාසල් දරුවන් නාට්‍යානුකූලව සිහි කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චතාරික සමය යනු ජේසුස් වහන්සේගේ දුක්විඳීම,

උකුත් වීම සහ උත්ථානය සිහිපත් කරන කතෝලික ප්‍රමුඛ ක්‍රිස්තියානි ආගම් විසින් සමරනු ලබන සමයකි. 

එය යාච්ඥාව මෙන්ම නාට්‍යමය සහ ගායනා වශයෙන්ද සමරනු ලැබීම සිදු වන්නේ එම කව තුළ සිටින බොහෝ ජන රාශියකගේ සහභාගීත්වයෙන් වන අතර මීගමුව මහවීදීය මීසමේ, මුන්නක්කරය සාන්ත නිකොලා දහම් පාසලේ සිසුන් පසුගිය දිනක ජේසුස් සිහි කරන 'පාදනමස්කාරය' නාට්‍යානුරූපීව රඟදක්වා තිබිණි. 
 
එම දහම් පාසලේ නියාමක ගරු සුරාජ් පියතුමා, ගරු කන්‍යා සොහොයුරිය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ දහම් පාසල් දූදරුවන් සිය ග්‍රාමය පැවැත්වූ නාට්‍යානුසාර පාදනමස්කාරය ඉතා සාර්ථක එකක් වූ බව පැවසේ. 
 
ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය දරුවන්‍ට සියැසින් බලා ගැනීමටත් තමන් විසින් ජීවමාන කිරීමටත් ගත් උත්සාහයක් ලෙස ඔවුන් මෙය හඳුන්වා තිබේ.
 
චතාරික සමය මේ මස 31 වැනිදායින් අවසන් වේ.
 
ඡායා: නිමේශ් පෙරේරා
Back to top
Go to bottom

Popular News