lan englan tam

පුවත්

ඇත්ත ඩී.ජේ. අරා - පැස්බරා ගැන ආන්දෝලනයක් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වැඩසටහන

වන ඩී.ජේ. අරා සහ පැස්බරා විනෝදාත්මක රේඩියෝ වැඩසටහන සඳහා පසුගියදා ස්ලිම් කාන්ටර් ජනප්‍රිය සම්මානය ලබා ගැනීමට හිරු එෆ් එම් ගුවන්විදුලිය සමත් විය. 

මේ සම්බන්ධයෙන් බෙහෙවින් විවාදාත්මක තත්ත්වයක් පැන නැගී ඇත්තේ සමාජජාලවල සැබෑ ඩී.ජේ. අරා පැස්බරාට ආදේශක නොවන බවට විවිධ පාර්ශ්ව විසින් ප්‍රතිචාර දක්වනු ලැබීම හේතුවෙනි. 
 
ඩී.ජේ. අරා - පැස්බරා වැඩසටහනේ ආරම්භක නාමකරණ චරිත දෙක වූ ගුවන්විදුලි වැඩසටහන් පූරකයින් වන අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ මේ වන විට හිරු ආයතනයෙන් ඉවත්ව සිය වැඩසටහන මේ වන විට සියත නාලිකාවේ පවත්වාගෙන යයි. 
 
අනෙක් අතට මෙම සම්මාන උළෙලේම ජනප්‍රියම ගුවන්විදුලි සන්නිවේදක සම්මානය හිමි කරගනු ලැබුවේ අරවින්ද ලොකුගේ විසිනි. එහිදී සිය සම්මානය අතැතිව අරවින්ද සඳහන් කර සිටියේ 'සීනි කොහේ තිබ්බත් කූඹි වහනවා' යනුවෙනි.
 
කෙසේ නමුත්, ශ්‍රාවක රසවින්දනය අපේක්ෂා කරන සන්නිවේදකයින් ගැන මේ වන විට පැනන්ඝී ඇත්තේ ආන්දෝලනාත්මක විවාදයකි.
Back to top
Go to bottom

Popular News