lan englan tam

පුවත්

එකම සිදුවීමක් එකම වසරකදී චිත්‍රපට තුනකින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එකම සිදුවීමක් වටා ගෙතුණු කතාවක් පැතිකඩ 03කින් එකම අවුරුද්දක චිත්‍රපට තුනක් විදිහට එළියට එනවා. හින්දි භාෂාවෙන් ආව 'ෆයිටර්' සහ තෙලිගු භාෂාවෙන් ආව 'ඔපරේෂන් වැලන්ටයින්' නම් ටිකක් විතර අවර වුණත් ෆිල්ම් එකක් වශයෙන් බලන්න පුළුවන්. හැබැයි අන්තිමට ආව 'ආටිකල් 370' වෙනමම රහක්. ඒ වගේම ෆයිටර් සහ ඔපරේෂන් වැලන්ටයින් කියන්නේ මේ චිත්‍රපටවලට පාදක වූ සිදුවීමේ ගුවන් හමුදා කාර්යභාරය ගැන හැදුණු ඒවා.

ආටිකල් 370 කියන්නේ මේ සිදුවීම්වලට පාදක වූ භූ දේශපාලන සහ භූමියේ සටන් ඇතුළත් චිත්‍රපටයක්.
මේ චිත්‍රපට තුනටම පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම් සමුදායක්. ඒ සිදුවීම් එකම වසරක භාෂා 2කින් චිත්‍රපට තුනක් ලෙස එළියට එනවා. සිනමා කර්මාන්තයක් ඇති රටක තත්ත්වය එයයි.

දිනුක මලින්ද

Back to top
Go to bottom

Popular News