මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, වෛද්‍ය අධ්යක්ෂ හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය ලසන්ත මලවිගේ වගේ විශේෂ පුද්ගලයෝ එක හඬින් කියා සිටියා අපිට කරන්න බැරි වුණු දෙයක් අනෝමා කරලා තියෙන්නේ කියලා. එය ඔවුන් අගය කළා. ඒ වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවත් කිව්වා.
පසුගිය වසරේදී ඔබ ජාත්‍යන්තර සම්මානයකට හිමිකම් කිව්වා නේද?
ඔව්. මට පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ලොස් ඇන්ජලීස්හි පැවැත්වුණු ඒඵඪචද ඹධපතඤ ජ්ඪතථ ජ්ඥඵබඪමචත එකේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කරපු දැවෙන විහඟුන් චිත්‍රපටය වෙනුවෙන්. මට ඒ සම්මානය හිමි වුණේ රටවල් පනස් දෙකක චිත්‍රපට පනස් දෙකක් සමඟ තරග කරලා.
ඔබ අලුත් වැඩ කටයුත්තකටත් සූදානම් වෙනවා කියලා ආරංචියි.
මට මේ ජාත්‍යන්තර සම්මානය හිමිවුණේ රංගනය වෙනුවෙන්. ඒ නිසා රංගන ක්ෂේත්රය වෙනුවෙන් වඩා වැඩි යුතුකම් කොටසක් කළ යුතුයි කියන සිතිවිල්ල මට ආවා. මම ජාත්‍යන්තර සම්මානයක් හිමි වුණාම කල්පනා කළා චිත්‍රපට රංගනය කියන දේ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂය පථයක් කියලා. "දැවෙන විහඟුන්" චිත්‍රපටය වෙනුවෙන් මම වැඩ කරන ආයතනයේ, මායා ශක්ති රංගන ශිල්ප ශාලිකාවේ මාස හතරක කාලයක් පෙර පුහුණුවීම් කළා. මම මීට කලින් ශ්‍රී ලංකාවේ අහලා දැකලා නැහැ තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් පෙර පුහුණුවීම් කරන බවක්. පෙර පුහුණුව නොමැති වීම නිසාම නිර්මාණ ගුණාත්මක භාවයෙන් තොර නිර්මාණ බවට පත්වෙලා තියෙනවා.
මේ හැම දෙයක්ම නිසා මම හිතුවා මගේ මූලිකත්වයෙන් සිනමාත්මක රඟපෑම කියන එක පාඨමාලාවක් ලෙස වඩාත් වගකීමෙන් යුතුව ඇරඹිය යුතුයි කියලා. මේකට සුදුසුම තැන විදියට මම දැක්කේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඒ නිසා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ සතිඅන්ත දිනවල මාස 06ක කාලයක් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා රංගන වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.
මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල රංගන පාඨමාලා, වැඩමුළු බොහෝමයක් පැවැත්වෙනවා. ඒ වැඩමුළු අතරින් ඔබේ වැඩමුළුව වෙනස් වෙන්නේ කොහොමද?
මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව වසර 25ක් තිස්සේ රංගන ක්ෂේත්රය වෙනුවෙන් වැඩ කරපු ආයතනයක්. මේක ලංකාවේ පළමුවැනි රංගන පාසල කිව්වොත් නිවැරැදියි. අනෙක් ආයතන ගැන මම විග්රහ කරන්නේ නැහැ. චරිතයක් නිරූපණය කිරීමේදී කය සහ මනස නිසි ආකාරව චරිතයක් උදෙසා පුහුණු කරවන්නේ කෙසේ ද යන්න මේ පාඨමාලාව ඔස්සේ නිවැරැදිව ඉගැන්වීම සිදුකරනවා.
මේ කාර්යය වෙනුවෙන් ඔබත් එක්ක එකතු වෙන තවත් පිරිසක් ඇති?
විෂය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන ක්ෂේත්රයේ ප්‍රවීණ කලාකරුවෝ, අධ්‍යක්ෂකවරු, නර්තනාචාර්යවරු, සංගීතාචාර්යවරු විචාරකයෝ මට මේ කාර්යය වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා.
පාඨමාලාව හදාරා පිටව යන පිරිසේ අනාගතය ගැන වගකීම දරන්නත් සූදානම්ද?
අපි හැමදාම ආයතනයක් විදිහට වැඩමුළුවක් අවසන් කරන කොට ඔවුන් වෙනුවෙන් නිර්මාණයක් කළා. ඔවුන්ට දක්ෂතා දක්වන්න අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලබා දුන්න නිසා තමයි ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියක් විදිහට එළියට ආපු නයනතාරා වික්‍රමාරච්චි ගැන හැමෝම දැන ගත්තේ.
පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මෙම පාඨමාලාව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සෑම ජනවර්ගයකම තරුණ තරුණියන් වෙනුවෙන් විවෘතයි. මේ සඳහා عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. සහ عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. යන විද්‍යුත් තැපැල් ලිපිනයන් ඔස්සේ ඉල්ලුම්පත් යොමු කළ හැකියි.
රංගන කටයුතුවලින් අලුත් යමක් සිද්ධ වෙනවද?
දැවෙන විහඟුන් විත්රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ඩැනී ඩබ්. පතිරණ මහතාගේ ගිරිකුළේ දෝංකාරය ටෙලි නාට්‍ය සහ ධම්මික තිසේරාගේ හේලංකඩ, මානාවාරිය කියන ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.
ඔබ නිර්මාණ තෝරාගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන දේවල් මොනවාද?
පැහැදිලිවම, නළුවකුට, නිළියකට තමන් ජීවත්වෙන සමාජ වටපිටාව ගැන දේශපාලනය ගැන දැනුමක් අවශ්‍යයි. ඒ තුළින් තමයි තමන්ගේ සමාජය ඇතුළේ තමන් ජීවත් වෙන පොදු මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හරියාකාරව පෙනී සිටින්න පුළුවන්. මම සම්බන්ධ වෙන්නේ සමාජ දේශපාලන හරයක්, තේමාවක් තිබෙන නිර්මාණවලට විතරයි.
ඔබ එළිදැක්වූ "ප්‍රේම ජවනිකා" කෘතිය ගැනත් කතා කරමු?
ඔව්. මම "ප්‍රේම ජවනිකා" කියන පොත ලිව්වා. මේ රටේ බාල මහලු සියලුම දෙනා ලිංගික අධ්‍යාපනයෙන් තොරයි. මේ නිසා ගැහැනු දරුවන් විශාල ප්‍රමාණයක් දූෂණයට, අතවරයට, හිංසනයට ලක් වෙනවා. මේ සම්බන්ධව තිබෙන එකම විසඳුම නඩු විමසීමකින් පස්සේ වැරදිකරුගේ බෙල්ලට තොණ්ඩුව දාන එකවත් සියදිවි හානි කර ගැනීමවත් නෙමෙයි. සාමාන්‍ය පෙළ සිට පාසල්වලින් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. මෙය රජයක් විසින් කළ යුතු අනිවාර්ය කාර්යයක්. මේ වගේ කරුණු මේ පොත ලියන්න මූලාශ්‍ර වුණා.
"ප්‍රේම ජවනිකා" කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ඉතා ඉහළයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, වෛද්‍ය අධ්යක්ෂ හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය ලසන්ත මලවිගේ වගේ විශේෂ පුද්ගලයෝ එක හඬින් කියා සිටියා අපිට කරන්න බැරි වුණු දෙයක් අනෝමා කරලා තියෙන්නේ කියලා. එය ඔවුන් අගය කළා. ඒ වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවත් කිව්වා. රුසියාවේ ඉන්න පයිලට් කෙනෙක් මට ආරාධනාවකුත් කළා මේ පොත පාදක කරගෙන සිනමා කෘතියක් නිර්මාණය කරමු කියලා.
ඉදිරියේදීත් ලේඛනය පැත්තෙන් අලුත් යමක් සිද්ධ වෙයිද?
ඔව්. මේ පොතේ දෙවැනි වෙළුම ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාව ඇතුළේ තමන්ට තිබෙන ලිංගික ගැටලු විවෘතව කතා කරන්න කෙනෙක් හෝ ආයතනයක් නැහැ. මේ පොත හරහා ඇති වුණු නවතම ප්‍රවණතාව තමයි තමන්ට ඇතිවන ගැටලු නිරාකරණය කර දෙන්න කියලා බොහෝ දෙනා උදවු ඉල්ලන එක.
ඉරේෂා කල්හාරි සේනාධීර