lan englan tam

පුවත්

පළමු චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් අන්දමන්ද කළ අධ්‍යක්ෂවරයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ඒ 1980 වසරයි.විශිෂ්ට ගනයේ පෝලන්ත, චෙක් සහ රුසියානු චිත්රපට නරඹා සිනමාව පිළිබද තමන්ගේ දැනුම වර්ධනය කරගත් එක් තරුණයෙක් තමාගේ මුල්ම සිංහල චිත්රපටය නිර්මාණය කරනවා.

 මේ චිත්රපටය, ඇතැම් සාම්ප්රදායික සිනමා විචාරකයින් අන්දමන්ද කරවන අතර නැවුම් ගුණාත්මක සිනමාවක් ගැන සිහින මැවු බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වෙනවා.

මේ චිත්රපටයේ ප්රධාන චරිතයක් රගපාමින් තවත් අභියෝගයක් ජය ගන්නට මේ තරුණයා සමත් වෙනවා.
මේ තරුණයා, ධර්මසිරි බණ්ඩාරනායක
චිත්රපටය "හංස විලක් ".
අනියම් සම්බන්ධතාවක් පවත්වන විවාහක යුවලකට හා ඔවුන්ගේ පවුල්වල උදවියට මේ සබදතාව නිසා මුහුණ පෑමට සිදු වන ගැටළු ඉතා නිර්මාණශීලී ලෙස විමසා බැලීමට අධ්යක්ෂවරයා සමත් වෙනවා.මෙවැනි ගැටළුවක් පිළිබදව විමසා බලන සිංහල චිත්රපට අතරේ "හංස විලක්" ඉදිරියෙන්ම සිටිනවා.
නිශ්ශංක හා මිරැන්ඩා ගේ චරිත හා ඔවුන්ගේ ගැටළුව ප්රේක්ෂකයින්ට සමීප කරවීමට අධ්යක්ෂවරයා සමත්වී සිටිනවා.
ප්රධාන නිළිය වූ ස්වර්ණා මල්ලවාරච්චි ගෙන් චිත්රපටයට ලැබෙන්නේ විශාල දායකත්වයක්.හෙන්රි ජයසේන, වසන්ති චතුරානි, ජී. ඩබ්ලුව් සුරේන්ද්ර වැනි අනෙක් නලු නිලියන්ගෙනුත් චිත්රපටයට ලැබෙන්නේ විශාල දායකත්වයක්.
"හෙමින් සැරේ පියා විදා" වැනි මේ චිත්රපටයේ එන ගීත අද පවා ජනප්රියයි.
"හංස විලක්":සිංහල සිනමාවේ සුවිශේෂී චිත්රපටයක් වන්නේ මේ සියලු කාරණා නිසයි.
 
රුවින්ද කොල්ලුරේ
Back to top
Go to bottom

Popular News