අපි කවුරුත් වයිබර් එකේ යාළුවන්ට යවන සිංහල ස්ටිකර් හැදුවේ සහ පරිවර්තනය කළේ ඩෙයිලොන්. ලංකාවේ වයිබර් ස්ටිකර් පැක් නිර්මාණකරු ඩම්පි අලි පැටියා, ක්‍රිකට් පිස්සා, ඔයයි මමයි වගේ ගොඩක් සිංහල ස්ටිකර් පැක් නිර්මාණය කරපු ඩෙයිලොන් වයිජයන්ත අංගම්මන එක්කයි 'මිරර් ආට්ස්' මේ කතාබහ ගෙන එන්නේ. ලෝක ප්‍රකට වයිබර් සමාගමේ ඩිජිටල් ස්ටිකර් පැක් නිර්මාණකරුවෙක් වන ඔහු කලා අධ්යක්ෂවරයෙක්, ත්‍රිමාණ චරිත නිර්මාණ ශිල්පියෙක්, ස්ටිකර් නිර්මාණ ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා.
කොයි කාලයේ වගේද වයිබර් ස්ටිකර් පැක් එකක් නිර්මාණය කරන්න ඔබ මුලින්ම යොමු වන්නේ?
මං මුලින්ම වැඩ කලේ සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ තවකාලික උපදේශක කෙනෙක් විදියට. ඉතින් හදිසියේම මට ඉන් ඉවත් වෙන්න සිදු වුණා. ඉන් අනතුරුව මම ඉගන ගත්ත ග්‍රැෆික් අංශයෙන් පෞද්ගලික අංශයේ රැකියා සොයන්න සිදු වුණා. ඒ 2015 අවුරුද්දේ. මේ විදිහට රැකියා අවස්ථා සොයමින් ඉන්න අතරේ තමයි මගේ දුරකතනයේ වයිබර් ස්ටිකර් ගැන මගේ අවධානය එකවරම යොමු උණේ. ඒ වෙලාවේ මට හිතුණේ මෙතන වෘත්තියක් තියනවා නේද? මට එක කරන්න බැරිද කියන දේ. මං ඒ වෙලේම අන්තර්ජාලය තුල කොහොමද? ස්ටිකර් හදන්නේ සහ වයිබර් එකට දාන්නේ කියල හොයන්න ගත්තා. එතකොට මං දැක්කා වයිබර් ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන අන්තර්ජාතික තරඟාවලියක්. නමුත් අවාසනාවට ඒ වනවිට මසකින් මං ප්‍රමාදයි. ඒත් මං මගේ උනන්දුව අඩු නොකර මට හිතන දේ නිර්මාණය කරන්න ගත්තා. එහෙම තමයි නිර්මාණකරණය පටන් ගත්තේ.
ඔබට මේ කාර්යයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
පසුව මම පෞද්ගලික ආයතනයක කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස වැඩ කළා. 2016 වර්ෂයේ වයිබර් සමාගමෙන් නැවත වරක් ස්ටිකර් නිර්මාණ තරඟයක් අන්තර්ජාලයේ පල කර තිබුණා. ඉතින් පෙර මා විසින් නිර්මාණය කර තිබුණු දැන් ඔයාල දන්නා ‘ඩම්පි අලි පැටියාගේ චරිතය’ ඒ තරඟයට ඉදිරිපත් කළා. ඉන් මාව හොදම නිර්මාණ අතරට තෝරාගත්තා. ඒවගේම ඔවුන් මට කතාකළා ලංකාවට සිංහල ස්ටිකර් නිර්මාණය කරන්න. ඒ විදියට තමයි මට අවස්ථාවක් ලැබුනේ. ඉතින් දැනට තියන සිංහල ස්ටිකර් පැක්ස් වලින් 90%ක් මගේ.
මේ කාර්යය සමග සම්බන්ධ ආයතන ගැනත් සඳහන් කරමුද?
Viber Media Sarl කියන මවු සමගම සමග තමයි මං වැඩ කරන්නේ. දැනට ලංකාවේ loops ආයතනයත් Viber Media Sarl සමඟ වැඩකරනවා. මං ඒ ආයතන දෙකටම සම්බන්ධ වෙලා නිර්මාණ කටයුතු කරනවා. සියලූ දේ වෙන්නේ වයිබර් සමාගමේ උපදෙස් අනුවයි. ලංකාවට අමතරව දකුණු ආසියාවේ වෙනත් රටවල් වලටත් මා ස්ටිකර් නිර්මාණය කර තිබෙනවා.
ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම facebook හරහා තමයි ප්‍රතිචාර ලැබෙන්නේ . මට ඒ ප්‍රතිචාර ලොකු ශක්තියක් තව තවත් නිර්මාණකරණයන් කරන්නට.
ඔබේ තොරතුරු ටිකක් අපිත් එක්ක කියමුද?
අනුරාධපුරය තමයි මගේ උපන් ප්‍රදේශය. ඇල දොළ වල පැනලා නාලා මාළු අල්ලලා පරිසරය විඳින්න ජවිතය ගෙන පාඩම් කියලා දුන්නේ මගේ ගම තමයි. අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විදුහල, කැකිරාව මධ්‍ය මහා විදුහල, වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහල් තමයි මං ඉගෙන ගත්ත පාසල්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බහු මාධ්‍ය කලාව පිලිබඳ විශේෂ උපාධියක් මං හැදෑරුවා. ඉන් අතතුරුව එම විශ්වවිද්‍යාලයේම උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන් පසුව කලා අධ්යක්ෂවරයෙක් ලෙස, ත්‍රිමාණ චරිත නිර්මාණ ශිල්පියෙක් ලෙස, ස්ටිකර් නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන් කිවොත් ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ ඇදුම් සංකල්ප නිර්මාණය කරන ලද්දේ මවිසින්.
ඔබේ අත්දැකීම් කොහොමද මේ ස්ටිකර් පැක් නිර්මාණය කරන්න යොදාගත්තේ
ඒ ගැන කියද්දී මගේ පාසල් ගුරුතුමා ගෙන නොකියම බැහැ. උපුල් සූරතිස්ස ගුරුතුමා. එතුමා තමයි මට කියලා දුන්නේ නිර්මාණයක් කරද්දී එකට සමවදින්න සහ ඒ ලෝකෙට යන්න. නිකන්ම ඇදීමකට වඩා ස්ටිකර් වගේ දෙයක් කරද්දී මනසින් මං එම ස්ටිකර් යොදාගෙන කරන සංවාද වලට යනවා. එම වෙලාවට මං ඒ චරිතය මට ආරෝපණය කරගෙන තමයි ඒවා අඳින්නේ. ඒ වගේම මගේ දෙමාපියන් මට කුඩා කාලයේ දුන්න නිදහස අද මගේ නිර්මාණ වලින් එලියට එනවා. ඕනෑම අත්දැකීමක් මගේ කරගන්න ඒ වගේම ඒවා ඔබේ අත්දැකීමක් කරන්න හැකියාව මට ලැබිලා තියෙනවා.
නලිනිකා ලක්ෂාණි
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.