lan englan tam

අතන මෙතන

'සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඇගයීමටද ජනප්‍රියත්වයටද පාත්‍ර වූ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය උදෙසා ප්‍රවීණ තිර රචක සෝමවීර සේනානායක ලියූ තිර රචනය මුද්‍රිත ග්‍රන්ථයක් බවට වීමත්, ටෙලි නාට්‍ය කලාවට විශිෂ්ට සේවයක් ඉටු කළ, පළිඟු මැණිකේ අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ කලාකරුවාණන් අනුස්මරණය කිරීමත් නිමිති කොටගෙන විශේෂ උත්සවයක් මැයි 03 වැනිදා පස්වරු 3.30ට කොළඹ 07 පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වෙයි.

'සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ' යනුවෙන් හැඳීන්වෙන මෙම උත්සවය සංවිධානය කරනුයේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක් ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන්, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයට පැවැත් වේ.

වසර 33ට පෙර පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන චරිතයට පණ පොවමින් ප්‍රසාදයට පත් ශ්‍රියන්ත මෙන්ඩිස් 'සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ' උත්සව සභාව මෙහෙයවීම ද විජේපාල චරිතය රඟපා පැසසුම් ලද සම්මානනීය කලාකරු ජැක්සන් ඇන්තනි ප්‍රධාන දේශනය පැවැත්වීමද මෙහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන සහ පළිඟු මැණිකේ තිර රචක ප්‍රවීණ ලේඛක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක විසින්ද විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය. උත්සව සභාවේ පිළිසඳරේ යෙදෙන කලාකරුවන් අතරේ රෝහණ බැද්දගේ, මැණිකේ අත්තනායක, සිරිල් වික්‍රමගේ, රම්‍යා වනිගසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු සහ දයා තෙන්නකෝන් ආදිහු වෙති.

Back to top
Go to bottom

Popular News