lan englan tam

අතන මෙතන

‘දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල’ හෙට

تقييم المستخدم: 1 / 5

تفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන ‘දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල’ මෙවරත් දෙසැම්බර් 15 දින ප.ව 2.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2016 වැඩකරන ජනතා කලා උළෙලට සමගාමීව වැඩකරන ජනතාව අතර සිටින කෙටිනාට්‍යකරණය පිළිබඳ හැකියාවක් සහිත නිර්මාණකරුවන් විසින් එවන ලද කෙටිනාට්‍ය පිටපත් ආචාර්ය ජයලත් මනෝරත්න, චන්ද්‍රසෝම බිංදුහේවා, ලලිත් රාජපක්‍ෂ, ජගත් චන්ද්‍රසිරි, ප්‍රේමරත්න තෙන්නකෝන් යන නාට්‍යවේදී විනිශ්චය යටතේ පළමු සහ දෙවන වටයේ තරඟ විනිශ්චයෙන් පසු අවසන් වටය සඳහා තේරුණු නාට්‍ය අවසන් උළෙල සඳහා වේදිකාගත වීමට නියමිතව ඇත.

වේදිකාගත වන ජයග්‍රාහී කෙටි නාට්‍ය

නිමේෂ් පතිරණගේ - මිඩ්නයිට් ඩ්‍රීම්ස්

කසුන් උදයංග/නෙරංජන් චන්ද්‍රාදිත්‍යයන්ගේ - සමඟ මම 

තක්‍ෂිලා හිමාෂිගේ - මේ මනමේ නෙමෙයි

නිලංක ධර්මදාසගේ - කුරුල්ලෙක් ඇවිත්

සමන් ගමගේ ගේ - අන්තිම කෝච්චිය

ශානක රාජරත්නගේ - එයත් එක්ක

එදින නාට්‍ය නැරඹීම සඳහා ඇතුල්වීම නොමිලේ වන අතර නැරඹීම සඳහා කලාකාමී ජනතාවට විවෘතව ආරාධනා කර සිටියි.

Back to top
Go to bottom

Popular News