නූතන කාව්‍ය විචාරය ගැන සංවාදයක් අද සවස
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන සන්නිවේදන කතිකාවක් අද (25) දිනයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
“නූතන කාව්‍ය විචාරය පිළිබඳ සංවාදයක්” මැයෙන් පවත්වන වැඩසටහන අද පස්වරු 4ට බොරැල්ල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී ඇරඹේ.
සංවාද සභාවට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, කාව්‍ය රචක සුමින්ද කිත්සිරි ගුණරත්න, සිසිර කුමාර මහගම, ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල එක්වීමට නියමිත ය.
මේවසරේ සන්ථව කාව්‍ය විචාර සම්මාන ජයග්‍රාහකයින් ද සංවාදයට සහභාගී වනු ඇත. වැඩසටහන මෙහෙයවීම ගාමිණී කන්දේපොළ විසිනි.
ඊට එක්වන මෙන් ඔබටත් ඇරයුම්!