lan englan tam

අතන මෙතන

බොහෝ බලපෑම් වුණත් Room No 106 ෂූටින් අවසන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොහෝ බලපෑම් සහ කෙණෙහිලිකම් මධ්‍යයේ කෙරුණ Room No 106 චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා අවසන් කෙරිණි. චිත්‍රපටය නැවැත්වීම සඳහා වූ බලපෑම් එහි අධ්‍යක්ෂ සුරංග ද අල්විස් රූගත කිරීම් අවසානයේදී හෙළි කර තිබිණි.

විවිධ නිෂ්පාදකවරුන් හරහා විවිධාකාරයේ බලපෑම් සිදු වූ බවත් ඒවායේ රිදවීම් යටිහිතේ තිබෙන බවත් ඔහු එහිදී පවසයි.
මානසිකව තමන් වැට්ටවීමට සමත් වූ නිෂ්පාදකවරුන් අතරේ තමන්ට සහාය දුන් පාර්ශ්ව වෙත ඔහු ස්තුතිය පළ කරයි. ඇතැම් පාර්ශ්ව තමන්ගෙන් මුදල් ලබාගෙන අපහසුතා ඇති කළ බවත් අධ්‍යක්ෂවරයා පවසයි.
සුනෙත් මාලිංග ලොකුහේවා තිර රචනය කළ චිත්‍රපටයේ බිමල් ජයකොඩි, ධනූ ඉන්නාසිතම්බි යනාදී නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙති.

Back to top
Go to bottom

Popular News