lan englan tam

අතන මෙතන

'කුවේණි'ට ආසියානු සම්මානයක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චරිත අතලගේගේ 'Kuweni the Musical 2024' ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ අනුව Innovation in Capturing a Life Style / Entertainment Event සහ Achievement in Show Running and Stage Management යන සම්මාන කාණ්ඩයන්හි රන් සම්මාන දෙකක් දිනා ගැනීමට Kuweni ප්‍රසංගය සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී Kuweni ප්‍රසංගයේ ඡායාරූපගතකරණය සහ වීඩියෝගතකරණය, සම්පූර්ණ ප්‍රසංගයේ සැලැස්ම, ප්‍රසංගයේ ගලායෑම, වේදිකා පරිපාලනය සහ කළමණාකරණය වැනි අංග අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
ලෝ ප්‍රකට සම්මානලාභී සංගීතවේදී A.R. රහුමාන්ගේ ප්‍රසංග මාලාවන් සඳහා නිෂ්පාදන කටයුතු කරන BToS Productions මෙන්ම Imagine Dragons, Cigarettes After Sex වැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම්හි ප්‍රසංගයන් නිෂ්පාදනය කරන Lollapalooza India වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ තරග වදිමින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සුවිශේෂි වෙනවා.

උපුටාගැන්ම : එසැණ

Back to top
Go to bottom

Popular News