lan englan tam

අතන මෙතන

අලුත් වාර්තාවක් සමග සීනි මුරුක්කු 06 වැන්නත් එයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචනා කරන ලද 'සීනි මුරුක්කු' කෙටිකතා සංග්‍රහයේ 06 වැනි මුද්‍රණයද නිකුත් කර තිබේ.

ඉතිහාසයේ පළමු වතාවට 'කෙටි කතා පොතක්' පළමු මුද්‍රණයෙන් අනතුරුව ඉතා කෙටි කාලයකදී මුද්‍රණ වාර හයක් කරා යෑමට සමත් වී ඇති නම් එම අලෙවි වාර්තාව හිමි කරගෙන ඇත්තේ කසුන්ගේ 'සීනි මුරුක්කු' වේ.
දිවයින පුරා සරසවි පොත්හල් ඔස්සේ කෘතිය මිලට ගැනීමේ හැකියාව ඇති අතර විදේශගත පාඨකයින්ට සීනි මුරුක්කු මිලදී ගැනීමේ හැකියාවද නුදුරේදීම අවස්ථා උදා කරන බව කසුන් පවසයි.
"මේ මගෙයි මගෙ සුන්දර බිරිඳගෙයි ඇත්ත නිර්මාණ මහන්සිය! 😍
ඒකට ඉතිහාසගත වාර්තාමය වටිනාකමක් දුන්නු ඔයාලා හැමෝටම අපි හරිම ආදරෙයි. ඒ ආදරේ පැණි රහයි! 🐜❤️" කසුන් මෙම ප්‍රීතිය සිය පාඨකයින් සමග බෙදාගෙන තිබේ.

Back to top
Go to bottom

Popular News