මිහිඳු ආරියරත්න සිය පළමු ගීතය වන “චකිතය” සමඟ මෙරට සංගීත ක්ෂේත්රය තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ ගායන ශිල්පියෙක්.
තමන්ගේම නිර්මාණයක් එළි දක්වන්න ලොකු කාලයක් අරගත්තත් ඔහු ජනගත කළ ඒ නිර්මාණය වෙනස්ම ආරක් ගනිමින් රසික සිත් සතන් හි තැන්පත් වී තිබෙනවා කිව්වොත් නිවැරදියි.
මේ වනවිට මිහිඳු, වායෝ කණ්ඩායම සමඟ සිය සංගීත වැඩ කටයුතු සිදු කරන බව අපි කවුරුත් දන්නා කරුණක්.
ඒ කොහොමවුණත් ඔහු එළඹෙන අප්‍රේල් මාසයේදී වායෝ කණ්ඩායම හැර යන්නට සුදානමින් සිටින බව අපිට ආරංචි වුණා.
සිය ඉදිරි සංගීත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින නිසා මෙම තීරණය ගත් බවයි මිහිඳු පවසා ඇත්තේ.