lan englan tam

O Oපේ

ජනපති අනුර රන්ජන්ගේ ප්‍රජා අයිතිය තහවුරු කරයි?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීම් කරයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන රන්ජන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් ලබා දී නිදහස් කෙරුණද ඔහු පූර්ණ සමාව නොලැබ, ප්‍රජා අයිතිය අහෝසි වීමත් හේතුවෙන් රංගන ශිල්පියාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පවා අහිමිව තිබිණි.
"මගේ ප්‍රජා අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා මම නුදුරේදීම වත්මන් ජනාධිපති දිසානායකට ආයාචනයක් කරනවා. හිටපු ජනාධිපතිතුමා මට සමාව දුන්නත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධා කරමින් මගේ කට වසා තිබෙනවා. මගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් මම නව ජනාධිපතිවරයාට අලුත් ආයාචනයක් කරනවා. කිසිම අපරාධයකට මාව හිරේට යවපු නැති නිසා මට ඒක ලැබෙයි කියලා හිතෙනවා." යයි රන්ජන් ප්‍රකාශ කරයි.

Back to top
Go to bottom

Popular News