lan englan tam

SPMC වෙතින් නව ඖෂධ 5ක්

تقييم المستخدم: 2 / 5

تفعيل النجومتفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන  නීතිගත සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන නව ඖෂධ 5ක් පසුගියදා එළිදැක්විය.

එහිදී පැරසිටමොල්, දියවැඩියා සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග 05ක් , Pacidol (Paracetamol), Diclofenac Sodium, Metformin, Losartan Potassium හා Clarithromycin යන එම ඖෂධ SPMC ආයතනයේ සභාපති - වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වනු ලැබිය.

මෙතෙක් එම සංස්ථාව නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව 54 ක් වන අතර PMC යන වෙළෙඳ නාමය යටතේ මෙම ඖෂධ වර්ග 05 වෙළෙදපොළට මේ වනවිට නිකුත් කර ඇත.

මෙම අවස්ථාවට එක්වු සෞඛ්‍ය අමාත්‍ය - වෛද්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ 2018 වසර මැද භාගය වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 80 මෙරටදීම නිෂ්පාදනය කිරීමටත්  ඉතිරි 20%   2019 වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි. 

 සේනක බිබිලේ මහතා ගේ සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බවත් . ඖෂධ වෙළෙඳ නාමයෙන් ලිවීම ඉදිරි කාලයේදී තහනම් කිරීමට කටයුතු සම්පාදනය කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.  

ඡායාරූප - ශ්‍රීලංකා මිරර්

Spmc

Back to top
Go to bottom

Popular News