lan englan tam

දමිතා අබේරත්න මට පොරක්!!!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක මම ලියන්නේ මේ මොහොතේ අවංකවම මට දැනෙන හැඟිම එක්ක මිසක් වෙන කිසිම අරමුණකින් නොවන වග.. දමිතා අබේරත්න මහත්මිය මගේ වචනයෙන් නං මට පොරක්..
ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඇයගේ අති විශිෂ්ඨ රංගන කෞශල්ය නිසා.. එක ඔබ මම අවිවාදයෙන් පිළිගත යුත්තක්.. මේ රංගන ජීවිතේ ඇය රංගන ශිල්පීනියක් විදිහට දෙස් විදෙස් සම්මානයන් රාශියකට උරුම කම් ලබා තියෙනවා( එය මට නං හීනයක් ).. ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන් වල චරිතයන්හි නම් අපිට අදටත් මතකයි... මේ වගේ දක්ෂ රංගන ශිල්පිනියක් එක්ක අවුරුදු ගාණනක් " හිත ලඟ හිනැහුනා " ටෙලි නාට්යයේ ඉතා සමීපව මං වැඩ කරා.. ඇයගේ රංගන දක්ෂතාවයට මං හරිම කැමති, ඒ දිහා බලාගෙන ඉගෙන ගත්ත දේවල් බොහොමයක් මට තිබුනා...
මට කියන්න ඕන උනේ මෙච්චරයි මම කොටින්ම ඇය දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නෑ..මට ඕනේ ඒ දමිතා අබේරත්න කියන්න විශිෂ්ඨ රංගන ශිල්පීනිය යලි පුංචි තිරේ දකින්න..ඇගේ රංගනය තුලින් නිර්මාණය වන නිර්මාණයන් දකින්න.. මොකද ඒ හැකියාව අපි කොහොම කිව්වත් අද අපේ රටේ අතලොස්සක් ජේෂ්ඨ කලා ශිල්පිනියන් අතරේ ඇය ඉහළින්ම ඉන්න නිසා... ආදරණිය දමිතා අක්කේ.. මං ලංකාවෙන් එද්දි කිව්වා ඔයාට ලොකේ කොහේ හිටියත් අපිට බලන්න ලස්සන නිර්මාණයන් වලින් එන්න කියලා... ඔයාව මේ කලාවට ඕනේ එදා අද වගේම හෙටටත්.... ආදරෙයි ඔයා මට නිරන්තරයෙන්ම දක්වන සෙනෙහසට, ආදරයට.. මේ වචන ටික අන්න ඒ ආදරය...❤❤❤❤
 
රංගන ශිල්පිනී දිලිනි තිරිමාන්න
Back to top
Go to bottom

Popular News