lan englan tam

විශිෂ්ඨ පියෙකුගේ පුතෙකු ලෙස ඔබත් ඒ මාවතේම ඇවිද එන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විශිෂ්ඨ පියෙකුගේ පුතෙකු ලෙස ඔබත් ඒ මාවතේම ඇවිද එන්න

 

"අනාගත උන්නතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරන්න පුලුවන්නම් තමන්ගේ ජීවිතය තමන්ගේ ශක්තිය ධෛර්ය තමන්ගේ රට වෙනුවෙන් මුදා හැරලා තමන්ගේ රට උසස් තැනකට ගෙනියන්න පුලුවන්නම් ඒ අත්දැකීම් ඒ ධෛර්ය මේ චිත්‍රපටය තුලින් ලබාගන්න පුලුවන්නම් මම හිතනවා ඒක තමයි ප්‍රධානම සාර්ථක දේ කියලා "
උවිඳු විජේවීර...එහෙමයි තම පියාගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කල සිනමා සිත්තම ගැන හිතන්නේ

රෝහණ විජේවීරයන්ගේ භද්‍ර යෞවනය අපට ආවර්ජනය කරන තරුණයා..තම පියාගේ ජීවන අන්දරය ඇසුරින් අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මාණය කල විශිෂ්ඨතම සිනමා කෘතිය ” ගින්නෙන් උපන් සීතල ”මාධ්‍යයට එළි දක්වන දින ඔබද දැඩි අභිමාණයකින් එම අවස්ථාවට සහභාගි වී සභාව අමතන ආකාරය වේදනාබර හදවතින් මා දුටුවෙමි.
ආදරණිය උවිඳු, ඔබගේ පියා යනු මේ රටට පෙම් බැඳි විශිෂ්ඨ මානව ගුණාංගයන් ගෙන් හදවත පුරවා ගත් මිනිසෙකි. ජීවිතයේ ඉතාමත්ම කෙටි කාලයක් දිවි ගෙවා මිනිසෙකුට සිතිමට පවා නොහැකි බොහෝ දේ පරාජයන් ජයග්‍රහණයන් මැදින් මේ රටට දිනා දුන් මිනිසෙකි. සුවහසක් ලාංකීය ජනයාගේ විමුක්ති අරගලයට නායකත්වය දීමේ වරදට වරෙක ජීවිතාන්තය දක්වා සිර දඬුවම්ද මේ රටේ ගර්හිත ධනපති පවුල් පාලන විසින් පනවන ලදී. පර සුව පිණිස දළ දං දුන් ඇතෙකු ලෙස තම සමස්ත ජීවතයම මේ රටේ දුක් විඳින ජනයාගේ වඩා යහපත් හෙට දවස වෙනුවෙන් කැප කර, ඒ ලෝකය ඔවුන්ට උදාකර දෙන අති දුෂ්කර ගමනේදී ජනතාව වෙනුවෙන් තම දිවි කුසුමද පරිත්‍යයාග කලේය.

ගින්නෙන් දවා හළුකලද මිනිසෙකු පරාජය කල නොහැකි බව සනාතන සත්‍යයක් වේ නම් එය අපට පසක් කර දෙන්නේ ඔබේ පියාණන් වන සදාදරණිය රෝහණ විජේවීර සහෝදරයාය. ඔබ අපෙන් උදුරාගෙන දශක තුනක් ගත වුනිද, ඔබ ගැන මතකයට නගන..ඔබ පිළිබඳ කතිකා ගොඩනැගෙන ..පත්තර පිටු ඔබේ රැවෙන් සරසන දිනක් නොවන්නේ නම් එය විශ්මයට කරුනක් වනු නොවනු මානය. මේ රටේ ගම් සභාවක හෝ නතුරක් නොදරා මෙතරම්ම සවිමත් මුද්‍රාවක් ඔබ ලාංකීය දේශපාලනයේ තබන ලද්දේ අසමසම දෘඩතර කැපවීම රාශියක් මතය. විශිෂ්ඨ පියෙකුගේ පුතෙකු ලෙස ඔබත් ඒ මාවතේම ඇවිද එන්න.

Rusell Bandarawatta

 

Back to top
Go to bottom

Popular News