වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමා යන ත්‍රිත්ව රංගන මාධ්‍යයන් තුළ කැපීපෙනෙන ස්ත්‍රී නිරූපණයන් අතිශය ප්රශස්ත රූපණ භාවිතාවන් දක්වා විකාශය කරවීම නිළියකට එහා ගිය රංගනවේදිණියකට පමණක් කළ හැකි ක්‍රියාවලියකි. බොහෝ විට කලාත්මක නිර්මාණ පරාසයන්හි මෙකී ධාරිතාවේ කෙළ පැමිණි රූපණවේදිනියක් අතළොස්සක් හඳුනාගැනීමට හැකිවන අතර ඔවුන්ගේ මුඛ්‍ය ලක්ෂණය වනුයේ වේදිකාවෙන් ලද පන්නරය බව නොරසහකි. අද්‍යතන සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය කලාවේ ද ස්ත්‍රී රංගන ශෛලිය ස්වකීය අනන්‍ය හැඩසවීමක් තුළින් මුදුන්පත් කළ රංගනවේදිණියකගේ රංග භාවිතාව මෙසේ ප්‍රමාණ කිරීම වටී.
ඇය නමින් නයනා හෙට්ටිආරච්චි ය. වලගෙදර ශ්‍රී නිවාස කණිටු විද්‍යාලය සහ මතුගම ශාන්ත මරියා විදු පියස මූලික කොටගෙන පාසැල් වේදිකාවෙන් ස්වකීය රංගන හැකියාව හඳුනාගන්නා ඇය ප්‍රසිද්ධ වේදිකාව තුළ රංගන වරම් ලබන්නේ කෘතහස්ත නාට්‍යවේදී ධම්ම ජාගොඩයන්ගේ "සකලජන" නාට්‍ය නිර්මාණයේ රංගනය සමගිනි. වේදිකාව තුළින් ම ස්වකීය රංගනයේ පුරුදු පුහුණුවීම් සහ අභ්යාසගතවීම් පූර්ණ කොටගත් ඇය "යදම්" සහ "ඇන්ටිගනී" වැනි වේදිකා නිර්මාණ සිය පැවරුම් කොට සැලකීය. වේදිකාවෙන් ලද අසීමාන්තික පන්නරය තුළ ඇය දේශිය සිනමාවට ප්රවිශ්ට වූයේ ද විදේශ සිනමා නිර්මාණයක රංගනය කිරීමෙන් පසුව ය. " MOTHER THERESA" චිත්‍රපටයට රංගන දායකත්වය සපයමින් සිනමා රංගනයට අවතීර්ණ වන නයනා හෙට්ටිආරච්චි සිනමා නිළියක ලෙසින් ඇගේ ස්ථානගත වීම නිත්යමාන කරනුයේ "පුරහඳ කළුවර" චිත්‍රපටය හරහා ය. එහි "යමුනා" නම් චරිතය තුළ ඇය එළිපෙහෙළි කරන්නට උත්සහ ගත්තේ මහපොළොව මත නියෝජනය වන යථාර්තවාදී ස්ත්‍රියගේ මනෝභාවය සහ කාය චිත්ත සබැඳියාව ය. ස්ත්‍රීත්වය අභියෝගයට ලක්කරන සමාජ ව්‍යුහයක් තුළ සමාජීය මෙන්ම සංස්කෘතිකමය ලෙස අනන්ත අප්‍රමාණ පීඩනයන් සමසිතින් දරාගනිමින් තමන් විසින් නිතැතින් පුරුදු පුහුණු කළ මෘදු කුසලතා ධර්මයන් චරිත අභ්‍යන්තරයෙන් ප්‍රේක්ෂක නේත්‍ර මානයේ සුදිලවන සංගත රූපණ දායකත්වයක් නයනාව විසින් "යමුනා" චරිතය වෙත සම්ප්‍රේෂණය කර තිබුණි. එය දුලබ මෙන්ම විෂමාකර වූ ප්රශස්ත රංගන භාවිතාවකි. එමෙන්ම අධ්යක්ෂවරයා සතු දේශපාලනිකමය ජීවන දෘෂ්ටියට සහ පිටපත විසින් යෝජනා කරන යථාර්ථ රාමුවට සාධාරණ ලෙසින් අනන්‍යව ස්වකීය භූමිකාව විසින් නෛසර්ගිකව පනවාගනු ලැබෙන මනෝ - ශාරීරික අභියෝගයන්ට මුහුණ දී ජය ලැබුවේ නයනාවන්ගේ කැපවීම ප්රමුඛ ප්‍රතිභාපූර්ණ රංගනයයි. මේ සියලු කරුණු කාරණා මත ස්වකීය භූමිකාව තුළ දශකත්රාධික කලක් "යමුනා" මෙරට ප්‍රේක්ෂකාගාරය තුළ අවක්ෂේප කිරීමට ඇය ගත් වෙහෙස ව්‍යක්ත වී නොතිබිණි.
"පුරහඳ කළුවර" චිත්‍රපටයට පසු ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කළ "සුළං කිරිල්ලී" චිත්‍රපටයේ ද රංගනය කළ ඇය ඉන්මතු "ගාමණී", "වරිගපොජ්ජ", "ගෝල්", "නිදහසේ පියා DS" සහ "එක දවසක අපි" වැනි චිත්‍රපට ගණනාවක කැපීපෙනෙන චරිත නිරූපණය කළාය. සිනමා රංගනය තුළ ඇගෙ රංග ප්රතිභාවේ මුවහත දෙවන වරට තීව්ර කරමින් ඇය සිනමා තිරය මත මාතෘත්වයේ යතාර්ථය තාත්ත්වික කරනු ලැබුවේ නව පරපුරේ නිර්මාණකරුවෙකු වූ රොහාන් පෙරේරාගේ "ගෝල්" චිත්‍රපටයේ කල්පගේ මව ලෙස රංගනය කරමිනි. එය තත්කාලීනව ඇගේ චරිතාංග රංගනයේ කූටප්‍රාප්තිය ලෙස සැලකීය සාවද්‍ය නොවන්නේය. තිර රචනය විසින් ලබා දෙන පරාසය ප්රාසාරණය කොටගෙන භූමිකාවේ සමාජාර්ථික සන්දර්භයට ගැළපෙන චර්යාත්මක හා පෞරුෂේය රැඟුම් වයනයක් මෙන්ම භාව හැඩසවීමක් ගොඩනංවමින්, ස්වකීය ජීවිතය සිය රුධිරප්රාප්තික ප්‍රාණසම පුතු (කල්ප) වෙනුවෙන් කාල ශ්රමාදි වශයෙන් නිති වැය කරන, ස්වකීය සොම්නස, තෘප්තිය පවා දෙවරක් නොසිතා නොපැකිළිව තම දරුවා ඉදිරියේ පුද දෙන, කුමන පීඩන සහ බාධක පැන නැගුණද කිසිවිටෙක තම පුතු හදවතින් බිම නොතැබූ උත්තුංග සහ ධෛර්යය සම්පන්න දිරිය මවකගේ අනුවේදනීය මනෝභාවය සහ චෛතසික මූලය හා ඒකාත්මික වෙමින් කර්මානුරූපී විපරිවර්තන විසින් අවාසනාවන්ත සිදුවීම් දාමයක් වෙත පෙළඹවන මව් චරිතයක මානව නිමේෂයන් සහ අන්තර් මානුෂික සම්බන්ධය පඨිකගත චරිතයක ගතිකයන් වරණිතව අවමවාදී මනෝ - කායික භාෂණ සම්ප්රදායකින් ඉදිරිපත් කළ නයනා හෙට්ටිආරච්චි යනු මෙරට වනිතා රංගනයේ නිම්වළලු පරිශීලනය කරන්නන්ට මෙන්ම ශිල්පීය නවකයන් හට කියවීමට වඩාත් ඖචිත්‍ය චරිතයකි. එම කල්පගේ මව ලෙසින් කළ චරිතය සඳහා ඇය පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ද විශේෂ ජූරි කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවාය.
ටෙලිනාට්‍ය වපසරිය තුළ ඇගේ හැසිරීමේ ක්‍රමවේදය අත්‍යන්තයෙන්ම වෙනස් නොවුණත් සිනමාරූපී රංගනය පසෙකලා ඇය ටෙලිතිරයට අනුගත වන ආකාරය අද්විතීය වේ. එනමුත් සුනෙත් මාලිංග ලොකුහේවා තිරයට ගෙනා "නිදහසේ පියා DS" හි කැතරිනා එලිසබෙත්ගේ චරිතය රූපණය කිරීම තුළ ඇය සිනමාරූපී රංගනය භාවිතා කිරීම තුළ බොහෝ අවස්ථාවන්හි වේදිකාවට ඉතා සමීප රංග රටාවක් මත පිහිටීය. ඉන් එම චරිතයෙහි දිලෙන දීප්තිය අවම වුවත් ඇය ඉන් තම අවස්ථානුකූල අනුගත වීම පිළිබඳ නිසියාකාර අවබෝධය ලැබූ බවක් පසුකාලීන නිර්මාණයන් හරහා පලටමාන කළාය. "ඉන්ගම්මාරුව", "පාරාදීසේ" වැනි මුල්කාලීන ටෙලි හැසිරීම් අද්දැකීමක් කොටගෙන ඉන් පොහොසත් වූ නයනාව ආනන්ද අබේනායකයන්ගේ "බැද්දේ කුලවමිය" ටෙලි නිර්මාණයේ "යශෝ මැණිකේ" හරහා රංගනවේදිණියකට ටෙලි තිරය මත ළඟා විය හැකි උපරිම රංග පෝෂක කාර්ය්ය වෙත සමීප වූ බවට සැක නැත. "යශෝ මැණිකේ" යනු ස්වහරයන් සියල්ලම පුද දෙන්නට ඉතසිතින් පේවූ සකල ස්ත්‍රී වර්ගයා තුළ සැඟවුණු හැඟීම් ප්‍රවාහය අභිනයාත්මකව ප්‍රකාශ කිරීමෙන් ප්‍රේක්ෂක සවිඤ්ඤාණය කැලතවූ රූපණ නිරූපණයකි. එමෙන්ම සහය රංගන ශිල්පිණියකගෙන් විය යුතු වගකීම වෙනුවෙන් අකුරට ම වගවෙමින් තම චරිතයෙන් උත්පාදනය කරන ආලෝක ධාරිතාව නොපැකිළිව ප්‍රධාන සහ ප්රමුඛාවධානයේ දිලිය යුතු චරිතයන්ගේ සුදීප්තිමත් බව වෙනුවෙන් පිරිනැමූ රංග පෝෂිකාව නයනා හෙට්ටිආරච්චි මිස වෙනින් කිසිවෙකු නොවේ. රයිගන් ටෙලිනාට්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම සහය නිළිය වෙනුවෙන් පිදෙන සම්මානයෙන් "යශෝ මැණිකේ" අබිසෙස් ලැබුවේ ඉහතින් කී ප්රශස්ත රංග පෝෂ්‍ය කාර්ය්ය වෙනුවෙනි.
ඇගේ රංගකාර්ය සාඵල්‍යය එලෙසින් විවරණය කළ නිමකරන ලද තැනක ඇගේ පුද්ගලික ජීවනය ද සුසමාදර්ශට හේතුපාදක යැයි හැඟෙන බැවින් ඉන් තතු කිහිපයක් ද මේස සැකවින් දක්වමි. "යදම්", "ඇන්ටිගනී" වැනි නාට්‍ය නිර්මාණයක තමා සමගින් එක්ව රංගනය කළ කීර්තිධර රංගධරයා නොහොත් නිර්මාණශීලී නාට්‍යකරුවා ස්වකීය දිවි රඟමඬලෙහි නිත්‍ය සාමාජිකස්ථානයේ රඳවාගැනීමට ඇය සමත් වීමේ ප්‍රතිඵලය වූයේ අද්‍යතන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය සමග නයනා හෙට්ටිආරච්චි අතිනත ගැනීමය. ඔවුන්ගේ පවුල් කුටුම්භයෙන් මෙරට රූපණ මාධ්‍යයන්හට ද්වීතියික ආලෝකය ලැබෙන්නට ආරම්භ වූයේ උවිඳු හර්ෂජිත් සහ හරිඳු රංගජිත් දෙපුතුන් උත්පත්තිය ලබා රංගනයෙන් සිනමා සහ ටෙලිනාට්‍ය මාධ්‍යයන්ට අවතීර්ණ වීම සමගින් ය. "පුරහඳ කළුවර" සහ "සුලං කිරිල්ලී" වැනි චිත්‍රපටයන්හි නයනාව අසලින් පෙනීසිටි ළමා නිරූපණය කළ උවිඳු හර්ෂජිත් අබේසූරිය ද, එමෙන්ම ආනන්ද අබේනායකගේ "තක්සලාව" වැනි සම්මානනීය ටෙලි නිර්මාණයකින් කාගේත් සිත්සතන් දිනමින් සිග්නිස් උත්තමාචාර සහ සුමති ටෙලි සම්මාන උළෙලහිදී කුසලතා සම්මාන ලැබූ, ඉකුත් දිනක විකාශය නිමා වූ ප්‍රදීප් ධර්මදාසගේ "ත්‍රෛලෝක" ටෙලිනාට්‍යයේ පවන් ලෙසින් චරිත මැවූ වේදිකාව තුළ එක පිට එක ජය කෙහෙළි නංවන හරිඳු රංගජිත් අබේසූරිය ද හෙට දවස දිදුලවන "ප්‍රසන්නජිත් - නයනා" කැදැල්ලේ අනුප්‍රාප්තික දෙබෑයන් ය. රංගනයට අත්පොත් තබමින් ක්ෂේත්රාවතීර්ණ වන නවක ආධුනික සිසු පිරිවරට නිබඳ ගුරු තරු සඟලක් වෙමින් ඔවුන් හෙට දවසේ ප්‍රමිතිගත රූපණවේදය වෙනුවෙන් කරනා මෙහෙයද අමිල නිමල මෙන්ම ප්‍රශංසා කටයුතුය.
කෙසේ වෙතත් අද දින සිය ජන්මස්ථානයෙහි තුටු සිතින් සහෘද ආශිංසන සමග නිබඳ හෘද්යාදර හිමිකරගන්නා කෘතහස්ත රංගනවේදිනී නයනා හෙට්ටිආරච්චි කලාකාරිණිය හට ආයුවඩන සුභම සුභ උපන්දිනකට ස්නේහාශිංසනය කරමි !
සටහන Akash Tharuka Perera