lan englan tam

කොරියන් ආදරවන්තයන්ගෙන්වත් ඉගෙනගනිල්ලා!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
Kdrama ෆැන්ටසියේ ඇලී ගැලී වෙලී ඉන්නා අපි ඔක්කෝමල්ලා මෙච්චර ඒ කතා වල ඉන්නා Oppa ලා ට මැරෙන්න යන්නේ ඇයි අප්පා 😅 සමහරු නම් කියාවී රැවුලවත් වැවිලා නැති, සීනී බෝල වගේ පෙනුමක් ඇති මෙයාලට මොකට නැහෙනවද, අනික ඇත්ත ජීවිතේ ඔහොම උන් නැහැනේ කියලා, ඔව් ඉතින් සැබෑ ජීවිතෙන් පොඩි බ්රේක් එකක් ගන්නයි නේ හැමෝම වගේ කතන්දර අස්සට රිංගන්නේ, ඒවල ඉන්න ඈයෝ හරි රෝමෑන්ටික විදිහට කෙල්ලට සලකන විදිහ දකිද්දී අපිත් ගිලින්න වගේ බලන් ඉන්නෝනේ, හරි පුංචි දේවල් වලින් කෙනෙක්ට මහ ගොඩාක් ආදරය දනවන්න පාවිච්චි කරන ට්රික් තමයි මෙව්වා, කොල්ලනේ මේවවත් බලලා හැදියල්ලා

🔹 Tying Shoelaces

ලේසියකට නැමෙන්නේ නැති පිරිමි පාර්ශවය දණ නමාලාම කෙල්ලගේ ලෙහුනු සපත්තු ලේස් දෙක ගැට ගහන කොට මොන එකීද ඉතින් ඔහුගෙන් දෑස් දෙක ඉවතට ගන්නේ, හරි ගෞරවයක් ඇයට ප්රදානය කරනවා වගේ තමයි මේ ක්රියාව
🔹 Back Hug
පිටිපසින් ඇවිත් කරනා වැළදගැනීම් ගැන මොකට අල්ලාප සල්ලාපයේ යෙදෙනවද, මුහුණට මුහුණ නොබැලුවත් එතෙන්දී ඇයට දැනෙන්නේම ඔහුගෙන් ලැබෙනා ආරක්ෂාව ගැන හැඟීම
 
🔹 Piggyback Ride
හරහට වඩාගෙන යනවාට වඩා කොරියන් කතා වල මේ කරේ තියන් යෑම තමයි ෆේමස්ම, හිමිහිට ඔහු ඇයවත් කරගහන් ඇවිදින කොට ඇයගේ මුලු වගකීමම ඔහු මතට පවරා ගන්නවා වාගේයී ජීවිත කාලයටම
 
🔹 He Grabs When She Falls
වැටෙන්නට යනකොට ඉඟටිය දිහායින් අත දාලා ඇයව අල්වා ගන්නකොට, ජීවිතයේ ප්රශ්න හමුවේ ඇය ඇද වැටෙන්න යන හැමවිටම ඔහු එතන ඉන්නවා කියා ඇඟවීමක් තමයි දෙන්නේම
 
🔹 Cooking Skills
සූපවේදයේ මනා හැකියාව ආකර්ෂණය කරගන්න පුලුවන් ගැහැනු පාර්ශ්වය මෙහෙක් කරද්දී ඔන්න, එකම හෝටලේකින් කනවා වගේ දැනෙන්නේ නැහැ නිතරම, මොකද කෙල්ලයි කොල්ලයි දෙන්නම උයන්න දන්න නිසාම
🔹 Long Awaited Kiss
ඔය අනික් ඩ්රාමාස් වල වගේ පළවෙනි එපියෙන්ම දෙන්නා කිස් කරන්න එහෙම යන්නේ හදිසියට, කාල වේලා බලලා හරි මෝමන්ට් එකට ජෙන්ටල් කිස් එකක් දෙන්නේ අමතක නොවන පරිදිම , ජීවිත කාලය පුරාවට සුරැකිව තියාගන්න පුලුවන් මතක සටහනක් ලෙසට
 
විදුනි හෙට්ටිආරච්චි - සිනමාවේදීන්
Back to top
Go to bottom

Popular News