සමහර මිනිස්සු අපෙ ජීවිතවලට එනව යනවා. 96 ෆිල්ම් එක කියන්නේ ඒ කතාව. හදිසියේම ජිවිතයට ඇවිත් නොකියා යන මිනිස්සු නිසා හිත් පැරීම් ගොඩයි. මේ හිත් පෑරීම් ආදරය නිසාත් බැඳීම් නිසාත් වෙන්න පුළුවන්.
#Meiyazhagan (2024) කියන්නේ අන්න ඒ ටයිප් එක් චිත්‍රපටියක්.
සාම්ප්‍රදායික දමිළ මසාලා චිත්‍රපට ශානරය 96 චිත්‍රපටය නිසා ලොකු වෙනසකට ලක් වෙනවා. ඒ වෙනස ඒ අයුරින්ම මේ තුළින් දැක ගන්න පුළුවන්. ආදරය විතරක්ම නොවේ සමහර පවුල් බැඳීම් ද වෙලාවකට වේදනායි..තවත් වෙලාවකට ඒ වේදනාව අස්සේ වෙනස් හැගීමක් ගෙන දෙනවා. 96 චිත්‍රපටියේ දැකපු රූපරාමු, අහපු සංගීතය සහ දැනුන හැඟීම ඒ ආකාරයෙන්හ Meiyazhagan තුළින් දැකගන්න පුළුවන්.
ඒ හැඟීමට අරවින්ද් ස්වාමි සුපිරිම සාධාරණත්වය ඉටු කරනවා සහ මෙතෙක් කල් මසාලා චිත්‍රපටවල ඇක්ෂන් නළුවෙක් වෙලා හිටිය කාර්ති ඊට නොදෙවෙනි සහායක් දෙනවා.
මේක බලන්නම ඕනි චිත්‍රපටියක් මචං..
දිනුක මලින්ද හේරත්