lan englan tam

පාවහන් හා සම් නිෂ්පාදන අපනයනයෙන් මිලියන 18,480ක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

2017 වසරේදී ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදුවූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ අතර, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,840ක් හෙවත් කෝටි 1,848ක ආදායම් ලැබුණ බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පෙරේදා (24දා) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ අපනයන කර්මාන්තයට හොඳ ඉඩකඩක් ලැබී තිබේ. මෙම කර්මාන්තයෙ දෙස් විදෙස් පිළිගැනීමක් ඇති කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් සුවිශාල දායකත්වයක් ලබාදුනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

'අපේ සම්භාණ්ඩ හා පාවහන් කර්මාන්තය පුළුල් කිරීම සඳහා මගේ අමාත්‍යාංශයේත්, ආයතනවලත් පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපි විදේශ වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් කටයුතු කරනු ලැබුවා. අප රටේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය තුළඍජු හා වක්‍ර වශයෙන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රැකියාවල නිරත වෙනවා. මෙම කර්මාන්තයේ සමස්ත නිෂ්පාදනවල වටිනාකම රුපියල් බිලියන 60ක් හෙවත් කෝටි 600ක් පමණ වෙනවා. එයින් 75෴ක්ම ලබාදෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයායි. එමනිසා අප අපගේ අපනයන වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, දේශීය  පාවහන් නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමටත් පියවර ගතයුතු වෙනවා. ඒ සඳහා දේශීය පාවහන් නිෂ්පාදකයාගේ සහායද අවශ්‍ය වෙනවා'