lan englan tam

සතොස ලොකු ළූණු 80 ට ගන්න සුදානම් ඇමති රිෂාඩ් කියයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හොඳ තත්ත්වයේ ලොකු ළූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඒ.එච්.එම් ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ප්‍රධාන ශාඛාවේ අද(13) පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලොකු ළූණු අස්වැන්න නෙළමින් තිබෙන මෙම කාලය තුළ ලොකු ළූණු තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ජීවන වියදම් කමිටුවේ එකඟත්වය ඇතිව, සතොස ආයතනය මැදිහත් වී ලොකු ළූණු මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ගොවීන් වෙත ගොස් ලොකු ළූණු අස්වැන්න මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

Back to top
Go to bottom