ලාංකිකයින් එක හා සමාන ලෙස ප්‍රිය කරන ගීත ගොන්නක් නිර්මාණය කළ ජිප්සීස් ගායක සුනිල් පෙරේරා මහතාගේ පුතණුවන් වන ගයාන් පෙරේරාද පියාගේ අඩි පාරේ යමින් රසිකයින් ආදරයෙන් වැළඳගත් ගීත නිර්මාණය කළ තරුණ සංගීතකරුවෙකි. තමන් ගීත නිර්මාණය කරන්නේ තමන් පිනවීමට බව ගයාන් පවසයි. එසේම වර්තමානයේ අලුත් ජනප්‍රිය ගීත නොවන බවට වන ප්‍රකාශය අසත්‍යයක් බව හෙතෙම ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමසීමකදීය.
"ජනප්‍රිය අලුත් සින්දුත් තියෙනවා. ඒ කාලෙත් අද වගේම ඇවිල්ලා ගිය සින්දු තියෙනවා. දැන් ලංකාවේ මියුසික් හැදෙන විදිහ දියුණුයි. ඒ කාලෙ තිබුණ වටපිටාව අනුව ගීත හැදුන විදිහ සරලයි. තාක්ෂණය දියුනු නැහැ. එහෙම වුණත් ජනප්‍රිය අලුත් සින්දු නෑ කියන්නේ නෑ. මම දන්නා සහභාගි වන තැන්වලත් වැඩි හරියක් ප්ලේ වෙන්නේ අලුත් සින්දු. සීටි. ප්‍රනාන්දු, මගේ තාත්තා, මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු සුළු වශයෙන් ඒ වගේ තැන්වල ප්ලේ වුණත් පැරණි ගීතම තමයි ජනප්‍රිය කියන එකට එකඟ නෑ. කොළඹ ආශ්‍රිතව ගොඩක් වෙලාවට ටිහ්යෙන උත්සව වෙන්නේ වෙඩින්, ඩිනර් ඩාන්ස් වගේ ඒවා. ඒ අතරේ එළිමහන් සංගීත ප්‍රසංග තිබෙනවා. මේ අපි කියන කල්චර් එක ඇතුළේ සබ් කල්චර්ස් තියෙනවා. ඒවයෙදි ඒවට එක එක විදිහට අනුගත වෙන මිනිසුන් ඉන්නවා. මම සාමාන්‍යයෙන් මියුසික් කරන්නේ මගේ තෘප්තියට. මිනිස්සු අහන දේ නෙමෙයි මට අදාළ වෙන්නේ. සංගීතය මගේ පැෂන් එක. ඒකට අනුව මම සංගීතය කරනවා. මිනිසුන් පිළිගනීද කියලා මම හිතන්නේ නෑ. හැබැයි මගේ ගීත ගැන මිනිස්සු අහනවා. 'මස්සිනා' වගේ එකක් අහන්නේ නැද්ද අහනවා. සමහර ගායකයන් ඉන්නවා සින්දු කරන්නේ ආර්ථික වාසියට. මේ සමාජය අනුව ගීත ප්‍රචලිත වීම වෙනස් විදිහකට වෙන්නේ. එක එක සමාජ මට්ටම්වලට අපි කරන සින්දු යන්නේ. කොළඹ ප්‍රදේශය ආශ්රතව බොහෝ දෙනෙක් මගේ ගීතවත් අහන්නේ නෑ. බොහෝ දෙනෙක් අහන්නේ ඉංග්‍රීසි ගීත. විශාරද කළ අයගේ සින්දු අහන්න ඕනෙ කියන්නේ නෑ. මගේ තාත්තා ගීත ප්‍රොමෝට් කළේ ඩිනර් ඩාන්ස්, වෙඩින්ග්ස්වල. ඒකට හේතුව වුණේ ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ තිබ්බ පක්ෂපාතීකම. විජේ කොරයා මහතා තමයි තාත්තට උදව් කළේ. ගායකයන් ශ්‍රේණි කරපු එක නිසා එළියේ තමයි එයාලට ප්ලේ කරන්න වුණේ. ක්ලැරන්ස් විජේවර්ධන එහෙම තාත්තටත් කලින් එළියේ ප්‍රසිද්ධ වුණා. ඉස්සර මාධ්‍යයේන් දෙන දේ අහනවා. දැන් මිනිස්සු තමන්ට ඕන දේ විතරයි අහන්නේ. තමන්ට ඕන නම් රොක්, හිපොප් අහනවා. මියුසික් ප්රචේස් කරන විදිහ දැන් වෙනස්. නැතුව නිර්මාණවල වෙනසක් වෙලා නෑ. ලංකාවේ සිනමාවට වඩා සංගීත ක්ෂේත්රය ගොඩාක් ඉහළින් ඉන්නේ ජාත්‍යන්තර වශයෙන්. සංගීත ක්ෂේත්රයේ මුදල් ගැවසෙන්නේ ඒ තිබෙන කොලිටි එක නිසයි. මල් සින්දු කියන කාණ්ඩය නම් තවමත් එතනමයි. ඒ පැත්තේ නම් වෙනසක් පෙනෙන්න නෑ. කොලිටි වයිස් ජාත්‍යන්තරව ගෙන යා හැකි ගීත නිර්මාණ තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රිප් ගියාම කියන සින්දු වෙනස්. මිතුරන් මධුවිතකට එකතු වෙලා ඉන්නකොට පරණ ජනප්‍රිය ඒවා කියනවා. ඒක පොදු තත්ත්වයට ගන්න බෑ. දැන් අවුරුදු 25ට අඩු කෙනෙක් වුණත් තමන් තනියෙන් සින්දු නිර්මාණය කරගන්න තරම් දැනුම තියෙනවා. පරණ ජනප්‍රිය ගීත මට්ටමේ අලුත් ඒවා තියෙනවා කියන්නේ ඒකයි. ඒ අයගේ සින්දු ලියන්නේ, කියන්නේ, සංගීතය හදන්නේ එකම කෙනා. තනියෙන්ම තරඟයක් දීගෙන ඉන්නවා. ඒක හොඳ ලක්ෂණයක්. ඒ අය සෝශල් මීඩියාවලින් ජනප්‍රිය වෙනවා. හොඳට අඳිනව පළඳිනවා. බීලා නාස්ති වෙවී ඉන්නෙ නෑ. මං හුඟක් සන්තෝෂයි මියුසික් කරන තරුණයො ගැන. තවත් දෙයක්. ඔය පැරණි ගීත රියැලිටි ශෝස්වල ගායනා කරන්නේ ඇත්තටම අලුත් ගීත කිව්වොත් ඒ වැඩසටහන් කරන මාධ්‍ය ජාලවලට ගෙවීම් කරන්න වෙන නිසා. ඒ නිසා ඔවුන් කරන්නේ පැරණි ජනප්‍රිය ගීත බොහොමයක් කියවන්න උත්සාහ කරන එක. අනෙක් අතට තරුණ අය විතරක් නෙවෙයි මේ වැඩසටහන් බලන්නේ. ගෙවල්වල විවිධ වයස් කාණ්ඩවල අය මේ වැඩසටහන් බලනවා. ඒ නිසා තරඟකරුවන් ලවා පැරණි ගීත කියවන්නේ හැමෝම ආකර්ෂණය කරගන්න. රේටින්ස් එක්කනේ මාධ්‍ය ජාලත් ඉස්සරහට යන්නේ." ගයාන් පෙරේරා පවසයි
ශිවන්ති ප්‍රනාන්දු