lan englan tam

"සාදය සමග මේසය පෙරළිය යුතුය හිතවත" - සෞම්‍ය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී"

සම්මානනීය කාව්‍ය රචක, සෞම්‍ය සඳරුවන් ලියනගේ බොහෝ දෙනෙකුගේ මතකයේ සනිටුහන් වූයේ සිය සම්මානනීය කෘති සහ නිර්මාණවලින් පසුව ඉහත සඳහන් ගීතයෙනි. නිර්මාණශීලී කවියකු වන එම ගීතයද නිර්මාණය කෙරුණේ සෞම්‍ය විසින් රචිත කාව්‍යයකිනි.
මේ දිනවල සෞම්‍ය ගැනත් ඔහුගේ කවියක් ගැනත් යළි බෙහෙවින් අවධානයට ලක් වී තිබෙන්නේ මැතිවරණ වේදිකාවල, සමාජ ජාලවල සහ විවිධ සංවාද මණ්ඩපවල නිතර මැතිරෙන වචන කිහිපයක් හේතුවෙනි.
'හැටේ වත්තේ මග්දලේනා', 'නුඹ නො ඒ නම් කියන්න' යනාදී කාව්‍ය සංග්‍රහයන්ගෙන් අනතුරුව වසර 07ක ඇවෑමෙන් සෞම්‍ය නිකුත් කළ තෙවැනි කාව්‍ය සංග්‍රහය 'ඉතින් කවියනි, හොඳට නින්ද යනවද රෑට?' කාව්‍ය සංග්‍රහය එළිදැක්වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මසදීය. බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙන්නේ එම කාව්‍ය සංග්‍රහයට ඇතුළත් වූ පද පේළි හතරකි.

"දිය කෙළි පිණිස දිය ඇද
පවසින් මියෙනු වෙනුවට
සාදය සමග මේසය
පෙරැළිය යුතුය හිතවත"

 

Back to top
Go to bottom