lan englan tam

කසාද නොබැඳ හිටි මිනිසුන්ව ප්‍රේමදාස විවාහ කළා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වශයෙන් පත් වීමෙන් අනතුරුව විවාහකව නොසිටි යුවල විවාහ කරමින් ඔවුන් අපේක්ෂා නොකළ සංස්කෘතික ජීවිතයක් හඳුන්වා දුන් බව සිනමා අධ්‍යක්ෂ මනෝහාරි හේවාවසම් පවසන්නීය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව නොතිබුණ වික්ටෝරියානු සංස්කෘතියෙන් දුරස් සමාජය තුළද මිනිසුන් නිදහස් සිතුවිලි සහිත සුන්දර ජීවිත ගත කළ බව ඇය පවසන්නේ යූටියුබ් සංවාදය මෙහෙයවන අතරදීය.
රංගන ශිල්පිනී තත්සරණි පියුමිකා සහභාගි වූ සංවාදයේදී ඇය වෙත පූරකවරිය විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබූ අතර නිදහස් සුන්දර ජීවිතයක් මිනිසුන් ගත කිරීම සිය අපේක්ෂාව වන බව ඇය එහිදී වැඩිදුරටත් පවසා සිටියාය.

Back to top
Go to bottom