lan englan tam

චිත්‍රපට නිදහස් කිරීමේදී පෞද්ගලික හිතවත්කම් නොතිබිය යුතුයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම ඊයේ (18) සිදු කරනු ලැබිණි. බුද්ධ ශාසන, ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම තනතුරු ප්‍රදානය සිදු විය.

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළ යුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරීත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යා යුතු බවත් අමාත්‍ය විජිත හේරත් රැස්වීම් සභාව අමතමින් පැවසීය.
පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදු කළ යුතු බවත් හෙතෙම එහිදි සඳහන් කළේය.
2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝජනය කරමින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කළ අතර දෙමළ සිනමාව කර්මාන්තයක් ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවත් දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක් ලෙස වර්ධනය විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති : ඩබ්. ප්‍රින්ස් සේනාධීර - (රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්)

සෙසු සාමාජිකයන් :

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන

Back to top
Go to bottom