lan englan tam

ලෝකෙම පිනවන ඉන්දියාවත් පිනවූ ශ්‍රී ලන්කන් දැන්වීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාමායණය යනු ලෝකයේ බොහෝ දෙනා දන්නා කියන, ජනප්‍රිය ඉන්දීය වීර සාම්ප්‍රදායික කර්තෘවරයා වන වාල්මිකී විසින් රචිත වීර කතා අතරින් එකකි.

මෙකී රාමායණයේ අනුවර්තිත අංශ කිහිපයක් ගෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දීය රාමායණ රසිකයින් ගෙන්වීමට පොළඹවන අලුත් දැන්වීමක් ශ්‍රී ලන්කන් එයා ලයින්ස් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
එහිදී එක් මිත්තණියක හා මුණුබුරෙකු (ඉන්දීය හින්දි භාෂාවෙන් 'දාදි' (මවගේ මව හඳුන්වන නම) සහ 'බේටා' (පුතා) යනුවෙන් එකිනෙකා ආමන්ත්‍රණය කරනු ලබමින් රාමායණ ළමා කතා පොතක් ඇසුරෙන් ශ්‍රී ලංකාවේ යා යුතු ගමනාන්ත ගැන විවරණයක් කරනු ලබයි.
රාමායණයේ විශේෂ භූමිකා සහ සිදුවීම් ඇසුරෙන් රාවණා ඇල්ල පිහිටි (ඇල්ල), සීතා අම්මාන් කෝවිල (නුවරඑළිය), හුන්නස්ගිරිය, කෝනේශ්වරම් යනාදී ස්ථාන පෙන්වයි.

Back to top
Go to bottom

Popular News