lan englan tam

පුවත්

දරුවන් රැකගෙන ආදර්ශමත්ව ඉන්න බොලිවුඩයේ තනි මව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොලිවුඩයේ ප්‍රබල තරැ පවුලක ඉපදුනත් ප්‍රේමයේ,විවාහයේත් සරදමට ලක් වූ කපූර් පවුලේ අහිංසකාවිය ඇයයි.ඇය කරිශ්මා..ඇය අභිශේක් බච්චන්ට ප්‍රේම කර විවාහ ගිවිස ගත්තත් ඒ විවාහය ඉතා කෙටි කලකින් නිමා වෙනවා.ඊට හේතුව කරිශ්මාගේ මව බච්චන් පවුලේ දේපල සම්බදයෙන් ඇති වූ ප්‍රශ්නයක් බව සදහන්.ඉන් පසු සන්ජේ කපූර් නම් දනවත් ව්‍යාපාරිකයකුට ඇයව විවාහ කර දෙන්නේ මවගේ කැමැත්තට ඉඩ දෙමින්.නමුත් විවාහයේ පලමු රාත්‍රියේ සිට ඇයට දැඩි පීඩනයන්ට ලක් වන්නට උන බව ඇය ප්‍රකාශ කර තිබුනා.අවසානයේ ඒ විවාහය දික්කසාදයකින් අවසන් වන්නේ ඇය දරැවන් දෙදෙනෙකුගේ තනි මවක් බවට පත් වෙමින් .ඉන් පසු ඇය තම දරැවන් සමගින් තවමත් තනි ජීවිතයක් ගත කරනවා.එම නිසාම ඇය තනි මවක් ලෙස ජීවත් වීමේ අභියෝග ගැනමෙලෙස් අදහස් දක්වා තිබුනා.

“ඔබට දරුවන් නඩත්තු කරන සහකරුවෙක් සිටියත් නැතත්, තනි මවක් හෝ පියෙක් වෙනවා කියන්නේ ඔබම සියලුම වියදම් පියවා ගන්න ඕනේ කියන එකයි. රුපියල් දහස් ගණන් වටිනා සරාගී යට ඇඳුම් මිලදී ගැනීම, ඔබට අවශ්‍ය නොවන දියමන්ති කරාබු හෝ සපත්තු පවා පැළඳීම වගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවාට වඩා ඔබේ වියදම් පිළිබඳ වාර්තාවක් තබා ගැනීම, ඔබේ දෛනික දින දර්ශනයේ හෝ දිනපොතේ එය ලියා තබා ගැනීම සහ දවසකට ඔබ කොයි තරම් මුදලක් වියදම් කරනවාද කියලා ගණනය කරන්න පුරුදු වෙන්න. එය එක දවසක් වත් අමතක කරන්න එපා. මාසය අවසානයේදී සියල්ල ගණනය කරන්න. ඔබට මුදල් ඉතුරු වෙලා තියනවා නම් ඒක ඉතුරු කිරීමක් බවට පත් කරන්න.” ඒ උපදෙස හරහා කරිෂ්මා කපූර් නිසැකවම දහස් ගණනක් අම්මලාට හොඳ ආදර්ශයක් දීලා තියනවා. ඉතිරි කිරීම කියන්නේ විකල්පයක් නෙමෙයි, අවශ්‍යතාවයක් බව ඇය විශ්වාස කරනවා.
තනි මවක් වුණත් කරිෂ්මා කපූර් තමන්ගේ දරුවන් වෙනුවෙන් මවකගේ සහ පියෙකුගේ භූමිකාව යන දෙකම සුවිශේෂී ආකාරයට ඉටු කරනවා. තනි මවක් වීම නිසා ඇයට තමන්ගේ දරුවන් හොඳින් රැකබලා ගන්න බැරි වෙලා නෑ. තමන්ගේ දරුවන්ගේ එකම මූල්‍ය ආධාර සපයන්නා තමන් වීමේ අභියෝගය ඇය තේරුම් ගෙන ඇති නිසා ඇය තමන්ගේ මුදල් ඥාවන්තව වියදම් කරන්න පුරුදු වෙලායි ඉන්නේ. ඉතින් ඇය හොද අම්මකෙනෙක්.

 

ටාශී සෙනෙවිරත්න - භාරත රසික සිනමා සංසදය

Back to top
Go to bottom

Popular News