lan englan tam

පුවත්

අභිරහස් ලෙස මිය ගිය රූ රැජින නෆීසා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
1978දී උපත ලද නෆීසා ජනප්රියත්වයට පත් වූයේ නිරූපිකාවක සහ රූපවාහිනි නිවේදිකාවක හැටියට ය. ඉන්මතු ඈ 1997 ෆෙමිනා ඉන්දීය රූ රැජිණ තරගයෙන් ද ජය ගත්තා ය. 1997 විශ්ව රූ රැජණ තරගයේ අවසන් වටය දක්වා පැමිණෙන්නටත් ඇයට අවස්ථාව ලැබිණ. එයින් හත් වසරකට පමණ පසු , එනම් 2004 වසරේදී ඈ ජීවිතයට සමුදුන්නාය. නෆීසා මියගියේ ඈ පදිංචිව සිටි නිවෙස තුළදී ගෙල වැළලා ගැනීමෙනි. මරණයට සති කිහිපයකට පළමුව ඈ ව්යාපාරික ගෞතම් ඛණ්ඩුජා සමඟ විවාහ ගිවිසගෙන සිටි බව සඳහන් වේ.

මරණයට හේතුව ගෞතම්ගේ බලපෑමක් බව නෆීසාගේ මවුපියෝ මරණ පරීක්ෂණයේදී කියා සිටියහ. විවාහ ගිවිස ගැනීම සිදුව තිබුණේ පළමු විවාහයෙන් ඔහු නිත්යානුකූලව වෙන් වුණු බව නෆීසාට පවසා තිබූ බැවිනි. එසේ වුවත් ඔහු, දික්කසාදය ලබාගෙන නැති බව නෆීසා දින කිහිපයක් තුළදී අවබෝධ කරගෙන ඇත. මේ නිසා හටගත් ආරවුල්වලදී ගෞතම්ගේ තර්ජනවලට මුහුණ දෙන්නට නෆීසාට සිදුවුණු බව අනාවරණය විණ. එහෙත්, මේ කාරණය අධිකරණයේදී ඔප්පු කරන්නට ඇගේ මවුපයන් අපොහොසත් විය. මේ අතර ගෞතම් කියා සිටියේ ,නෆීසා සමීර් මැල්හොත්රා සහ සමිර් සෝනි සමඟ ද විවාහ ගිවිස ගැනීම්වලට එල්බ, ඒවා ඉක්මනින්ම නිමා කළ බවකි.

ටාශි සෙනෙවිරත්න - Indian Cinema Fans Club

Back to top
Go to bottom

Popular News