මුදිත කුඹුකගේ සහ ප්‍රවීණ නර්තන ශිල්පීනියක් වන ආලෝකා කුඹුකගේ යුවලගේ එකම පුතු වන පුංචි තිරයේ තාරුණ්‍යයේ රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පත් විදුරවි හංසජ කුඹුකගේ පසුගියදා ආරම්භ කරන ලද KIRSHCE CAPITAL සන්නාමයෙහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පසුගිය 09 වැනිදා බම්බලපිටියේදී විවෘත කෙරුණි.
පුවත්
විදුරවීගේ KIRSHCE CAPITAL සන්නාමය
මෙම සන්නාමය යටතේ උසස් තත්වයේ කාන්තා නිමි ඇඳුම්, අත්බෑග්, ආභරණ ඇතුළු තවත් නොයෙකුත් දේ ජනගත වන අතර, විදුරවී සමගින් KIRSHCE සන්නාමයේ සම - නිර්මාතෘවර ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යවසායිකාවක් සහ වෛද්‍යවරියක වන සාරා ෆසී විසින්ය.
අකිල අබේරත්නගේ 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම', ප්‍රභාත් රෝෂනගේ 'අහස් මාළිගා', ආකාශ් තාරුකගේ ' විලම්භීත', ප්‍රදීප් රසාංගගේ 'හිත ළඟ හිනැහුණා' ඩිල්ෂාන් අමරසිංහගේ 'සංසාරිණී' වැනි ටෙලිනාට්‍ය වල රංගනයෙන් ඔබ අතරට ආ ඔහු KIRSHCE සන්නාමයේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ වන විට සිය පූර්ණකාලීන ප්‍රමුඛත්වය ලබාදී සිටින අතර නුදුරේම වෘතාන්ත චිත්‍රපටයක් ඔස්සේ රිදී තිරයට පිවිසීමට සූදානම් වෙමින් සිටින්නේය.
ඔහුගේ KIRSHCE CAPITAL බම්බලපිටිය ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණු ඉකුත් 09 වැනිදා, ක්ෂේත්රයේ ප්‍රවීණ මෙන්ම නව පරපුරේ කලා තරු රැසක් ද එම අවස්ථාවට සහභාගි වී සිටියේය.
එහිදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු ඡායාරූප කීපයක් පහතින්,
-
Category
පුවත් -
Hits
87 times