lan englan tam

පුවත්

වර්බුම් TV වැසී යාමේ අවදානමක!!!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වර්බුම්, රූපවාහිනියේ ආරම්භක මිලන් සිල්වා මහතා, තමාට තවදුරටත් එය පවත්වගෙන යා නොහැකි වෙමින් ඇති බව හෙළි කරමින් ප්‍රසිද්ධ ආයාචනයක් කර ඇත.

දැනට එය පවත්වාගෙන යන ස්ථානයෙන් ඉවත්වීමට සිදුව ඇති බවත්, ඔහුට කවුරුන් හෝ තැනක්, ගොඩනැගිල්ලක් පවරන්නේ නම් හා මාසික වියදමට සහය (වියදම ලක්ෂ 80 පමණ බව ඔහු සිය දැන්වීමක පවසයි. ලක්ෂ 45 පමණ බව ඉන්දියාවේ සිට කථා කළ ද්‍රවිඩ පූජකවරයෙක් පැවසීය) වන්නේ නම්! යයි ඔහු සිය ආයාචනයේ පවසයි.
කාදිනල් හිමිට හා රදගුරු මණ්ඩලයට, ඔහු සිව්වරක් කළ ආයාචනා ගඟේ ගොස් ඇති බවද, ඔවුනට උදව් කළ නොහැකි බව මාධ්‍ය භාර පූජකවරයෙකු වාචිකව පැවසූ බව ද ඔහු පවසයි.
ඔහු දෙවියන් කෙරෙහි මහත් විශ්වාසයක් තබා ගෙන සිටී. වර්බුම් සම්පූර්ණයෙන්ම ගිහි ව්‍යාපාරයකි. එවැන්නක් ඇරඹිය යුතුව තිබුනේ කතෝලික සභාවය. ඒ සඳහා එල්ලී ගොස් ක්‍රියා කරන මර්සලින් ජයකොඩි හෝ අර්නස්ට් පෝරුතොට බඳු පූජකවරු අද නැත. යම් අපේක්ෂාවකින් පූජකවරයෙකු දෙදෙනෙකු හා කථා කළත් පවසන්නේ ඔවුනට ඒ සඳහා කාලවේලා නැති බවය.
ඔවුන් වෙනත් සමාජ සේවාවල නිරත බවය.
දෙවියන් යනුවෙන් කෙනෙකු පැමිණ මිලන් සිල්වාට අද්භූතව ඉඩමක්, හෝ ගොඩනැගිල්ලක් සොයා දේ යයි අප නම් විශ්වාස කරන්නේ නැත. පූජක රදගුරු දෙපිරිසටත් නො හැකි නම්, ගිහි කිතුනු පිරිසකට අඩුතරමින් මිලන් සිල්වා ට චිත්ත ශක්තියක් වීම සඳහාවත් යමක් කළ නො හැකිද? නොකළ යුතුද? මෙ රට කතෝලික සභාව දුගී ආයතනයකි. එහෙත් එහි අධි සාමාජිකයන් අතර චිත්ත ශක්තියෙන් පොහොසත් ගිහියන් සිටී. එබඳු කීපදෙනෙකු එක්ව මිලන් සිල්වාට අතක් දිගු කිරීමට පියවරක් ගනිමුද? එ මගින් දෙවියන් වහන්සේ ඔහුට සහය වෙනු ඇති බවට විශ්වාසයක් අප තුළ තිබේ.
මේ කාරණය ගැන අප දැනට කැලිස්ටස් නානායක්කාර, ලින්ටන් ප්‍රනාන්දු, රංජිත් පෙරේරා හා ජයදේව සහෝදරයා යන අය සමග අදහස් කීපයක් හුවමාරු කර ගෙන ඇත. එබඳු වෑයමකට අදහස් මගින් අත දීමට කැමති වේ නම් ඒ බවට මෙහි සටහනක් මෙහි යොදන්න.
අද (16) අවමගුල කෙරෙන මොරිස් බොල්ලෑගල නිවසේදී මුණගැසී ඒ ගැන කතාබහක යෙදෙමුයි කී අයද සිටී.
මියයන්නේ මොරිස් බොල්ලෑගල ලා බඳු ගිහියන් පමණක් නොවේ. ගිහියන් ඇරඹූ ආයතන ද මියයමින් තිබේ.

සටහන: සිරිල් එඬේරමුල්ල

Mirror Arts සටහන: 'වර්බුම්' නාලිකාව පවත්වාගැනීමට කැමති කතෝලික ජනතාව ඒ සඳහා යොමු වන්නේ නම් එයට සහායක් වනු පිණිස මෙම සටහන පළ කෙරේ. මාධ්‍යය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයක් ලෙස කිසියම් මාධ්‍ය හෝ සන්නිවේදන ආයතනයක් සුරැකෙන්නේ නම් ඒ සඳහා පෙනී සිටීම අපි කරන්නෙමු. එසේ නමුත්, ආගමික බලධාරීන් විසින් මාධ්‍ය ආයතන සඳහා අනුග්‍රහය දිය යුතු යැයි අපි විශ්වාස නොකරමු. ප්‍රේක්ෂකයින් හෝ මාධ්‍යයේ සේවය අවශ්‍ය ජනතාව ඒ සඳහා සක්‍රීයව දායක වීම පොදුවේ සිදු විය යුතුය. අපි ආගම්, ජාතීන් හෝ කිසිදු වර්ගීකරණයක් හෙළා නොදකින අතර ඒවා කෙරෙන් සමාජ යහපැවැත්මට සිදු කරන දේ වෙනුවෙන්ද අනුග්‍රහය දක්වන්නෙමු. මෙම සටහන පළ කිරීමෙන් කතෝලික සභාව අපහසුතාවට පත් කිරීමට අපේක්ෂා නොකරන අතර ලේඛකයාගේ සන්නිවේදනයේ අයිතියට ඉඩ ලබා දීම වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණ සටහන පළ කර තිබේ.

Mirror Arts කර්තෘ මණ්ඩලය

Back to top
Go to bottom

Popular News