lan englan tam

පුවත්

අන්ජනා මුතුකුමාරණගේ පිය ගුණ සමර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අන්ජනා මුතුකුමාරණ යනු ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ දියනියයි.

ඇය පසුගියදා සිය පියා සමග ගත් ඡායාරූපයක් සමග ඇය විසින් උපුටා ගන්නා ලද ඡායාරූපයක් පළ කර තිබිණි.
ලේඛකයා සඳහන් නොකළ එම සටහන පහතින්,


උපාධිය ගැන ලොකූ විස්තර තාත්තා දන්නෙ නෑ.
උපාධියක් කරනවා කියලා දන්නවා.
කැම්පස් එක ඇතුලෙ ෆැකල්ටි මොනාද ඩිපාර්ට්මන්ට් මොනාද? තාත්තා හරියටම දන්නෙ නෑ.හැබැයි කැම්පස් කියලා දන්නවා.
A+ , A-, B, C ගැන තාත්තා හරි හැටි දන්නෑ.පාස් ෆේල් තාත්තා අදුරනවා.
හැබැයි වේලක් නොකා ඉන්න ඉඩ ඇරියෙ නෑ තාත්තා..
. මට ඉගෙනගන්න සල්ලි දෙන්න සාක්කු හිස් නොවුන තාත්තා !
තාත්තෙ මේක ප්‍රින්ට් අරන් දෙනවද කිව්වම මොන වැඩෙ අස්සෙ උනත් මහ වැස්සෙ උනත් තාත්තා දෙපාරක් නොහිතා කරල දුන්නා.
කැම්පස් යද්දිත් එද්දිත් පාරවල් ගානෙ එයා රස්තියාදු උනේ එයාට කලින් මං ඇවිත් එයා එනකන් බලන් ඉදල රස්තියාදු වෙයි කියලා බයට.
තාත්තා කියන්නෙ මං දැකපු නිහඩ වීරයා. ආදරෙයිද ඇහුවෙත් නැති ආදරෙයිද කිව්වෙත් නැති ආදරවන්තයා. අහස උසට මාලිගා හදලා දීලා පැත්තකට උන පරාර්ථකාමීයා....🩷

Back to top
Go to bottom

Popular News