lan englan tam

පුවත්

ඇත්තටම ඩොක්ට වන 'සින්ටෝ'හි ඩොක්ට; හංසි සමරතුංග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අසංක සායක්කාර අධ්‍යක්ෂණය සින්ටෝ කියන්නේ මේ දින වල ස්වර්ණවාහිනියේ විකාශනය දන ටෙලිනාට්‍යයක්. මෙම ටෙලිනාට්‍යයේ කතා වස්තුව වන්නේ විවිධ වයස්වල ගැබිණි මව්වරුන් හයදෙනෙකු ඔවුන් ගර්භණී සමයේ මුහුණ දෙන ගැටළු වට මෙම ටෙලිනාට්‍ය ගෙති යන අතර මෙහි විශේෂම ලක්ෂණය වන්නේ මෙම ටෙලිනාට්‍යට අනුව ගැබ්බර වී සිටින්නේ විවිධ වයස් මට්ටම්වල කාන්තාවන් ය.

ඒ අතරින් කාගේත් අවධානයට යොමු වූයේ එම ටෙලිනාට්‍යයේ සිටින වෛද්‍යවරිය යි. මින් පෙර ටෙලිනාට්‍යකවත්, සිනමාවේවත් දැක නැති මේ අමුතු දොස්තර නෝනා කව්රුන් දැයි කාගේත් අවධානයට යොමු විය. එසේම දැඩි අවධානයක් යොමු වීමට විශේෂම හේතුව වුයේ ඇගේ භාහිර පෙනුමත් ඇය ඒම ඒ සිදු කරන්නේ රංගනයක් බව ප්‍රේක්ෂකයාට නොවැටහීම ය. එ නිසාම ඒ ඇය ගැන සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ ඇය ඇත්තටම වෛද්‍යවරියක් බවය.
ඒ සින්ටෝ ටෙලිනාට්‍යයේ වෛද්‍ය සාවිත්‍රීගේ චරිතය නිරූපණය කරන ඇය ඇත්තටම වෛද්‍ය හංසි සමරතුංග ය.

පසුගිය දා හංසි Mirror Arts youtube නාළිකාවේ Mirror Mirror වැඩසටහනට එක් වූ අතර එහි දී කලාව පිලිබඳවත් සමාජය පිලිබඳවත් ඇය බොහෝ දේ ප්‍රකාශ කළාය.

Teenage Pregnancy ලංකාවේ සුලභ දෙයක් බවට පත් වී තිබෙන බව පවසමින් ඇය පවසා සිටියේ පවතින පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන බවත් නිසැකයෙන්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු බවත් එසේ නිසි ආකාරව එය ලබා නොදුන්න හොත් දරුවන් හොඳින් හෝ නරකින් එය ලබාගන්නා බවත් එම සාකච්ඡාව තුළ ඇය පවසා සිටියා යා.

එමෙන්ම ලාංකීය සමාජය තුළ විටින් විට මතුවන ගබ්සා පිළිබඳවත් අදහස් දැක්වූ වෛද්‍ය හංසි පවසා හිටියේ මේ වන විටත් ලංකාව තුළ නිතී විරෝධී ආකාරයේ ගබ්සා සිද්ධ වන බව ය. එසේම ගබ්සා පිළිබඳව ඇයගේ පෞද්ගලික මතය කුමක් දැයි යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් හංසි කියා සිටියේ කාන්තාවකට තම දරු ගැබ ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය තිබිය යුතුයි යන්න යි.

වර්තමාන සමාජය තුළ මානසික පීඩනය වැඩි වීම සහ විශාදය වැනි රෝග තත්වය පිළිබඳව ද අදහස් දැක් වූ අතර වර්තමාන පාසල් ළමුන් පිළිබඳවත් එම සාකච්ඡාව කතා කළ අතර හංසි තම ජීවිතය සහ මේ සමාජයේ නොපෙනෙන පැතිකඩ විවෘත්තව කතා කිරීමට ඇය නොපැකිලි වී තිබුණි.

කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ලැබූ හංසි ඉන් පසුව සෝමලතා සුභසිංහ Play House ආයතනයේ රංගනය හදාරා වේදිකාවෙන් කලාවට අත් පොත් තබා ටෙලිනාට්‍ය තුළට අවතීර්ණ වී ඇත. මේ වන විට රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන හංසි සමරතුංග Mirror Arts වෙත වැඩිදුරටත් කියා සිටියේ කලාව ඇගේ වෘත්තීය ජීවිතය තවත් අලෝකමත් කළ බවත් කලාව ඕනෑම වෘත්තීයකට සෘජුව බලපාන බවයි.

Back to top
Go to bottom

Popular News