lan englan tam

පුවත්

බිරින්දෑවරුන් මාරු වීමක් ගැන කියා ඔස්කා යන 'ලාපතා ලේඩීස්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වූ Laapata Ladies (ලාපතා ලේඩීස්) එළඹෙන වසරේ මාර්තු මස 03 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්කා සම්මාන උලෙළට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිතය. ආමීර් ඛාන් සහ ඔහුගේ බිරිඳ සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන කිරන් රාඕගේ චිත්‍රපටයක් වන Laapata Ladies (හින්දියෙන් 'ආගිය අතක් නැති බිරිඳෑවරුන්') මේ වන විට ඉන්දියාවේ මෙන්ම සිනමා රසිකයින් බොහොමයකගේ අවධානය දිනා ගත් ප්‍රහසන චිත්‍රපටයක් බවට පත් වී තිබේ.

2001 වර්ෂයේදී දුම්රියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට සිය මුහුණු ආවරණය කරගෙන සිටි සහකාරියන් මාරු වීම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙම චිත්‍රපට කණ්ඩායම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා බැංගලෝරයේ ආමීර් ඛාන් මීට පෙර රඟපෑ 'ත්‍රී ඊඩියට්ස්' රූගත කිරීම් කළ ඉන්ජිනේරු විදුහලෙහි සිසුන් සමගද හමුවක් යොදාගෙන තිබිණි.
චිත්‍රපටයේ 'ඩවුටුවා' සහ 'සජ්නී' ගීත ඉතා ජනප්‍රිය වූ අතර චිත්‍රපටයේ සම නිෂ්පාදකවරිය හැටියට ආමීර් සමග ජ්‍යෝති දේශ්පාණ්ඩේ කටයුතු කළාය.

Back to top
Go to bottom

Popular News