රාජ් කපූර් 100 වැනි ජන්ම ශත සංවත්සරය පසුගිය සතියේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ අතර එහිදී කපූර් පවුලේ සාමාජිකයින් සහ වත්මන් හින්දි සිනමාවේ රංගන ශිල්පී ශිල්පිනියන් වන කිහිප දෙනෙකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිංහ මෝදි සමග කතාබහකට එක්ව තිබිණි.
එහිදී කපූර් පවුලේ තෙවන පරපුරේ ලේලියක (රන්බීර් කපූර්ගේ බිරිඳ) වන ආලියා භට් අගමැතිවරයාට පවසා සිටියේ "මම වතාවක් දුටුවා ඔබ ගීත ගායනා කරනවා. ඒක මගේ ගීතයක්. ඒ ගැන මට හරිම සතුටුයි. ඇත්තටම භාෂාව නොදැන සිටියත් බොහෝ දෙනෙක් හින්දි ගීත ගායනා කරනවා. ඇත්තටම ඔබට ගීත අසන්න වෙලාව තිබෙනවාද?" යන්නයි.
"ඔව් මම වෙලාවක් ලැබෙන වීට ගීත අසනවා. සමහර විට ජෝරු ගායනා අසනවා." යැයි අගමැතිවරයා එහිදී පැවසීය.
ආලියාට අමතරව කපූර් තෙවන පරපුරේ බෑණා කෙනෙකු (කරීනා කපූර්ගේ සැමියා) වන සායිෆ් අලී ඛාන්, රන්බීර් කපූර්, කරීශ්මා කපූර්, රිද්දිමා කපූර් සහ බබිතා (රන්ධීර් කපූර්ගේ බිරිඳ)ද අගමැතිවරයා සමග සාකච්ඡාවට එක්ව සිටියහ.