lan englan tam

පුවත්

අයිවන්ගෙන් ජාතික පුවත්පත් සඳහා නියත විවරණ ලැබූ ඡායාරූප ශිල්පියා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

එවකට මම සිනමා පුවත්පත් සහ යෞවනයන් වෙනුවෙන්ම වූ මල් පත්තරවල ඡායාරූප ශිල්පියෙක්මි. ඒ මා මේ ක්ෂේත්‍රයට එක් වූ මුල්ම කාලයයි. 1991 වසරේ දවසක එවකට රාවය ඡායාරූප ශිල්පියා වූ මංගල, මට කියුවේ ඔහු රාවය පුවත්පතින් ඉවත් වන නිසා ඒ සඳහා සම්බන්ධ වන ලෙසයි. ඒ අනුව මම වික්ටර් අයිවන් අයියා හමුවන්නට ගියෙමි.

‘මල් පත්තරවල වැඩේ මේකෙ කරන්න බෑ. බලමු ඔයා මේ වැඩේට සුදුසු ද කියලා.’ යැයි කියූ ඔහු මා පරීක්ෂා කරන්නට යැව්වේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සමයේ එහි රැලියක් ආවරණය කිරීමටයි.

මමත්, ප්‍රසන්නත් එහි ඡායාරූප ගෙනාවෙමු. මගේ ඡායාරූප තෝරා ගත් අයිවන් අයියා ඒවා රාවය පුවත්පතේ පළ කළේය. යළිත් මා පරීක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ද යැව්වේය.

ඒ ඡායාරූප දුටු ඔහු කීවේ ‘මෙන්න නිව්ස් ෆොටෝ. ඔයා තමයි මිනිහා. හෙට ඉඳලා වැඩට එන්න’ යනුවෙනි. වෘත්තීය ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු ලෙස මට වික්ටර් අයිවන් අයියා නියතවිවරණ දුන්නේ එදාය.

ඔහුගේ ගුරුහරුකම් මැද ඇරඹි ප්‍රවෘත්ති ඡායාරූප කලාවේ බොහෝ දුර මම ආවෙමි. අයියේ ඔබට සුබ ගමන්.

සුදත් මලවීර

 

NW36 6

Back to top
Go to bottom