lan englan tam

පුවත්

'අනන්තය සරා' අනිද්දා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරමින් සංගීත සංධ්වනි, දේශයට හඳුන්වා දුන්, විශිෂ්ට සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 87 වෙනි ජන්ම දින සැමරුමට සමගාමීව 'අනන්තය සරා' ප්‍රාසාංගික සංගීතමය පෙළහර අනිද්දා (25) සවස 7.30ට කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවැත්වේ.

ජාත්‍යන්තර තලයේ සංගීත මෙහෙයවන්නකු වන මහා බ්‍රිතාන්‍යයේ පෝට්ස්මවුත් විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොලින් ජැගර් විසින් කේමදාසයන් නිර්මාණය කළ සංධ්වනිය මෙහෙයවනු ලබන අතර එය මෙරට සංගීතහිතකාමී සහෘදයන්ට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.
නාවික හමුදා වාද්‍ය වෘන්දය හා ගායක කණ්ඩායම සහභාගී වන "අනන්තය සරා" ප්‍රසංගයේ ගීත ගායනා - ගායන ශිල්පිනී විශාරද සන්ධ්‍යා බුලත්සිංහල, විශාරද ප්‍රදීපා ධර්මදාස සහ ගායන ශිල්පී මිහිඳු ආරියරත්නගෙනි.
ජාත්‍යන්තර සම්මානලාභී විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරියක වන ගයාත්‍රි කේමදාසගේ උපදේශකත්වයෙන් "කේමදාස පදනම" සංවිධානය කරන "අනන්තය සරා" පිළිබඳ තොරතුරු දැනගන්න 0764312077 අංකය අමතන්න.

Back to top
Go to bottom