වාර්තාචිත්රපටයඇගයීමේඅරමුණින්හාවාර්තාචිත්රපටකරණයේනියැලීසිටිනසියලුදෙනාහටමඑකතුවීසිටියහැකිඑකකුඩයක්ඉහලීමේඅරමුණින්ගාලුවර්තාචිත්රපටිඋළෙලසංවිධානයකරයි.
සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්රවලට සම්බන්ධ විද්වතුන් 15දෙනෙකුගෙන් සම්න්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම වාර්තා චිත්‍රපට උළෙලේ විනිශ්චය කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය සඳහා ගුරුළු රාක්ෂ සම්මානය, හොඳම පර්යේෂණය සඳහා මයුර රාක්ෂ සම්මානය, හොඳම තිර රචණය සඳහා ගිනිජල් රාක්ෂ සම්මානය ද, හොඳම කැමරාකරණය සඳහා ගරා රාක්ෂ සම්මානය, හොඳම අධ්යක්ෂණයට නාග රාක්ෂ සම්මානය ද, හොඳම උත්සාහය වෙනුවෙන් මරු රාක්ෂ සම්මානය ප්රදානය කෙරෙනු ඇත.
මෙම චිත්‍රපට උළෙල සඳහා 2011 වසරේ සිට මේ දක්වා කළ විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන ඒකාංගික වාර්තා චිත්‍රපට පමණක් ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකතන වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් කළ නිර්මාණයන් ද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත.
මේ සඳහා වන නිර්මාණ භාරගැනීම දෙසැම්බර් මස 15න් අවසන් වේ.
ගාල්ලේ සර්වා කලා සහ මාධ්‍ය පාසැල විසින් මෙම උළෙල සංවිධානය කරන අතර, වාර්තා චිත්‍රපට පර්යේෂකයෙකු වන සුමුදු ගුරුගේ මහතා මෙම තරඟාවලියේ උළෙල අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
මෙහි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගේ පළමු, දෙවන හා තෙවැනි චිත්‍රපට පමණක් වන අතර, ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයන් ගරු කටයුතුව නිතරගයෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කොට ඇති අතර කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වයේ ලා සැලකීමට ද සංවිධායක කමිටුව තීරණය කර තිබේ.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. ඊ මේල් ලිපිනයෙන් මෙන් ම දුරකතන අංක 0767 909 909 හෝ 0767 952 952 සහ සමාජජාල වෙබ් අඩවිය වන facebook@galledoc හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.