lan englan tam

පුවත්

සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ දෙසැ : 11

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දිවියට 75ක් සපීරීමත් කලා ජීවිතයට වසර 55ක් පිරීමත් නිමිත්තෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතීත්වයෙන් යුත් මිහිඳු සංස්කාතික පදනම පස්වන වරටත් පවත්වනු ලබන 'සුවඳ පද්ම' උපහාර සම්මාන උළෙල මේ මස 11 වැනි දින පස්වරු 3.00ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

 මහාචාර්ය ඡේ. බී. දිසානායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාවෙහි ආරාධිත දේශනය මහචාර්ය දර්ශන රත්නායක විසින් සිදුකරනු ලබයි.

 චන්න උපුලී හා චන්දන වික්‍රමසිංහ රංගායතනය මෙහෙයවන නර්තන රංගනයකින් ද ජයන්ත රත්නායකයන් මෙහෙයවන සංගීතයෙන් ද ඔපවත් වන මෙම උළෙලේදී ආචාර්ය වික්‌ටර් රත්නායකයන් හා විශාරද ජගත් වික්‍රමසිංහ ගී ගායනයෙන් දායක වේ.

 විශේෂ ආරාධිතයන් ලෙස ආචාර්ය මාලනී ෆොන්සේකා, සාහිත්‍යසූරී එඩ්වින් ආරියදාස, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය , ශ්‍රීයාණි අමරසේන මෙම උලෙළට සහභාගීවීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News