lan englan tam

පුවත්

'ශේෂ' ළඟදීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චන්දන වික්‍රමසිංහ සහ උමාලි තිලකරත්න රංගනයෙන් දායක වන 'ශේෂ' චිත්‍රපටය අවශේෂ යැයි හඳුන්වන මිනිස් සමාජයක කැපකිරීම් කියා පාන අලුත්ම චිත්‍රපටයයි.

එහි නිල පෝස්ටරය පසුගිය දිනෙක එළි දක්වා තිබූ අතර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය පිළිබඳව ජාත්‍යන්තරයට කියා පෑම පිණිස නිර්මාණය කළ චිත්‍රපටයෙන් එම අරමුණ මනාව ඉටු කර ඇත්ද යන්න සෙවීමේ අවස්ථාව ඉදිරියේදී ප්‍රේක්ෂකයාට හිමි වීමට නියමිතය.
සුවිශේෂීව තිබූ කලාවක් රැකගන්නට, අපරිමිත කැපකිරිම් කළ මිනිසුන්ට උපහාරයක් ලෙස නිමැවුණු 'ශේෂ' ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.

මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් එක් වන මෙහි ගයත්‍රී කේමදාස සංගීත නිර්මාණයෙන් සහ හරිත බැද්දගේ සංස්කරණයෙන් එක්ව සිටිති.
Back to top
Go to bottom

Popular News