lan englan tam

පුවත්

ඉන්දියාවේ පළමු 'කාන්ස්' ආශ්චර්යය; අනසූයා සේන්ගුප්තා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ සිනමා ඉතිහාසයේ නව ජාත්‍යන්තර සලකුණක් බවට පත් වෙමින් අනසූයා සේන්ගුප්තා ප්‍රංශයේ කාන්ස් සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.

නිෂ්පාදන කළමනාකාරිනියක ලෙස ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා අනසූයා මෙම සම්මානය දිනාගනු ලැබුවේ බල්ගේරියානු සිනමා අධ්‍යක්ෂ කොන්ස්තන්ටයින් බොජ්නොව්ගේ The Shamless චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. අනසූයා සමග මෙහි මීතා වාශිත්ස් රංගනයෙන් දායක විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අධ්‍යක්ෂක බොජනොව් අනසූයාගේ ෆේස්බුක් මිතුරකු ලෙස චිත්‍රපටයේ රඟපෑම සඳහා තිර පරීක්ෂණ පටයක් එවන ලෙස කළ යෝජනාව බව ඉන්දීය පුවත් වාර්තා කර තිබිණි.

Back to top
Go to bottom

Popular News