lan englan tam

පුවත්

උදාරෙන්ම ලලයි ලිලයි ලයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
පානම් බොක්කේ රටේ රාළගෙ උදාර මී මුණුපුරු කුමාරයා නිසා මාසයක් තිස්සේ හිනාවෙලා ඉන්නවා.😉

Youtube short එකකින් බලන්න පටන් ගත්තු මේ කතාවේ තාම 49වෙනි කොටසේ තමයි ඉන්නෙ. ඒක නිසා දැන් කතාව කොහොමද කියන තැන ඉඳන් නෙවෙයි මේ ලියන්නෙ.

රදළ පරම්පරාවේ අනාගතයක් භාරගන්න ඉන්න එකම කුමාරයත් උදාරෙන්ම පිස්සු කෙලින්න ගත්තම කොහොමද කියලා රන්දිකට වඩා සාධාරණ විදියට පෙන්නන්න පුළුවන් රංගන ශිල්පියෙක්ව මට හිතාගන්න අමාරුයි. කොඩිගහයට දැක්කට වඩා වෙනස්ම, මෙච්චර සැහැල්ලුවෙන් චරිතයක් කරන එකම ඒ දක්ෂකමට උදාහරණයක්. තව ගොඩක් දුර යන්න බලාපොරොත්තු තියන්න පුළුවන් දක්ෂකමක්.
රදළයෝ එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවාද මන්දා වගේ වුණත් මේකෙ උදාර කුමාරයාගෙ දෙබස් ටික නම් පංකාදු පහට ලියලා තියෙනවා! 👌 කොටින්ම නූතන පරම්පරාවක පුරුකක් හැටියට ලියවුණාට උදාර කුමාරයගෙ කටින් එන්නේ අපේ පරම්පරාවේ එකෙක්ගේ කතා.❤️ සිංහල වගෙ සුන්දර භාෂාවක් කියවගන්නවත් ලියාගන්නවත් කතාකරගන්නවත් බැරි පරම්පරාවක, ඒක පොශ් කියලා විශ්වාස කරන සමාජෙක ඒ පරම්පරාවේ කොල්ලෙක් (චරිතෙකට හරි), වක්කඩ කැඩුවා වගේ සිංහලෙන් කියන රජ කතා, නාට්යමය කතා, සාහිත්ය කතා, ප්රේම කතා සහ කුප්ප කතා වෙනමම ලල් එකක්!❤️ ෂර්ලොක් හෝම්ස්ගෙ ඉඳන් සුභාෂිතයට එනකල් ඔහොම රහට අනලා කැවීමක් බලාපොරොත්තු වුණේ නෑ.👌 එච්චර කියැවීමක් තියෙන හින්දා කෛරාටිකකමත් ලස්සනට ඔබ්බවලා චරිතෙ ලියපු එකට 🫡
අනික් කෙනා උමා අසේනි. උමාගේ රඟපෑමක් මම දකින්නෙ පළවෙනි වතාවට වුණාට මේකට රඟපෑමක් කියන්න බැරිතරම් ස්වාභාවිකයි.❤️ විශේෂයෙන්ම අක්කගෙයි මල්ලිගෙයි රණ්ඩු සහ සංවාද නම් පුදුම යථාර්ථවාදීයි, අමුයි, නියමයි 😂
නිරෝෂන්ට කවුද ලියලා තිබ්බා කොච්චර දක්ෂවුණත් තාම සම්මාන නොලැබුන එක ගැන. මගේ කියැවීමත් අසාධාරණ අඩුතක්සේරුවකට ලක්වෙච්ච, නිසි ඇගයීමක් නොලැබුණු රංගන ශිල්පියෙක් කියන එකයි. ඒක ඉක්මණින් වෙනස්වෙලා නිසි ඇගයීමක් ලැබේවි කියලා ප්රාර්ථනා කරනවා.
ෆර්නි, දීපානි සහ ලාල් කුලරත්නගේ චරිතවල ලොකු දෙයක් කරන්න ඉඩක් ලැබිලා නැතත් සාමාන්ය පවුලක හැඩවැඩ ටික ඒ විදියටම දෙන්න කරන කැපවීම අගය කරන්න ඕන. විශේෂයෙන්ම ගුණේ. ඒත් දැන් ගුණේව වැඩිය පේන්න නැත්තෙ ඇයි දන්නෙ නෑ.🤔
කතාවේ හාස්යය එක්ක ත්රාසය මුහුකරන්න උත්සහ කිරීමත් හොඳයි. ඒත් ලංසි පවුල ලංසිම හැටියට එච්චර දැනෙන්නෙ නෑ. හැබැයි අනෙක් චරිත් සමස්තයක් හැටියට හොඳයි. සංජය මුරමුදලිගෙ චරිතය ගොඩ නගලා තියෙන විදියටත් මම කැමතියි.
කතාව මොන විදියට වෙයිද කියලා බලන් යන ගමන්.
උදාර කුමාරයගෙ නාටකවලට හිනාවෙලා ඉන්න සතුටට ලියලා යනවා.
 
ආශ් වීරසිංහ සිනමාවේදීන් - ෆේස්බුක් සමූහයේ පළ කළ සටහනකි.
Back to top
Go to bottom

Popular News