lan englan tam

පුවත්

'ශේෂ'ට සම්මාන දුන් කෑන්ස් - කෑන්ස්මද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලොව ප්‍රසිද්ධ 77 වැනි ජාත්‍යන්තර කෑන්ස් සිනමා සම්මාන උළෙල පසුගියදා නිමාවට පත් විය.

'ශේෂ'නම් වූ සිනමා නිර්මාණය කෑන්ස් ලෝක චිත්‍රපට උළෙලේ නර්තන අංශයේ හොඳම සිනමා නිර්මාණයට සම්මාන ලබා ඇත යනුවෙන් 'මිරර් ආට්ස්' අපද ඇතුළුව බොහෝ මාධ්‍ය විසින් පළ කරන ලද ප්‍රවෘත්තියට මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. එසේ වන්නට හේතුව ලොව ප්‍රකට කෑන්ස් සිනමා උළෙලේ සම්මාන සඳහා නර්තන අංශයක් නොමැති වීමත් එම සම්මාන උළෙල මේ වන විට අවසන්ව තිබීමත් යන කාරණා නිසාය.
නමුත්, ඉසුරු විසින් නිර්මාණය කරන ලැබූ 'ශේෂ' සම්මාන ලබා ඇත්තේ කෑන්ස් නගරයේ ඇති වෙනත් චිත්‍රපට උළෙලකිනි. එය හඳුන්වන්නේ "කෑන්ස්හි ලෝක චිත්‍රපට උළෙල" යනුවෙනි.
ඔවුන් ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයින් සඳහා මාසික සහ වාර්ෂික තරඟයක් සංවිධානය කරයි, IMDb හි සුදුසුකම් ලැබීම සහ විශේෂාංග චිත්‍රපට, කෙටි චිත්‍රපට, ස්වාධීන චිත්‍රපට, වාර්තා චිත්‍රපට, පර්යේෂණාත්මක චිත්‍රපට, සජීවිකරණ චිත්‍රපට, සංගීත වීඩියෝ, තිර රචකයින්, ගීත රචකයින්, ගායකයන් සහ සංගීත කණ්ඩායම්, වෙළඳ දැන්වීම්, වෙබ්/රූපවාහිනී කතා මාලා ඇතුළු බොහෝ අංශ මේ උළෙලට අයත්ය.
ඉසුරු ලබා ඇති එම සම්මානයට අපි සුබ පතමු!
කෑන්ස් කිවූ පමණින් ලොව පිළිගත් සම්මාන උළෙල පිළිබඳ අදහසක් ඇති වීම සාමාන්‍ය දෙයකි.
අප සැමවිටම සන්නාමය නිවැරදිව හඳුනාගත යුතුය. එසේම 'කෑන්ස්'ම නොවූ පමණින් ජයග්‍රහණයක් අවතක්සේරු නොකළ යුතුය.

Back to top
Go to bottom

Popular News