lan englan tam

පුවත්

අංජලීව බාල ක්‍රිෂ්ණා තල්ලු කළේ නැතිලු!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
1992,1993 සහ 1994 වර්ෂයන්හිදී රේවතී විසින් හොඳම නිළිය - දමිළ , ෆිල්ම්ෆෙයා සම්මානය පිට පිට තෙවරක් දිනූ අතර ඇයගෙන් පසුව වසර තිහක් පුරාවට මේ වනතුරුත් එම සම්මානය පිට පිට දෙවරක් හිමි කරගැනීමට සමත් වූ එකම නිළිය,අංජලී ය.

 2010 දී අන්ගාඩි තේරු චිත්රපටියේත් 2011දී එන්ගයුම් එප්පොදුම් චිත්රපටියේත් රංගන⁣ය වෙනුවෙන් ඇය එම දක්ෂතාවය දක්වන්නට සමත් වූවාය.

පසු ගිය දිනක පැවති,අංජලී රංගනයෙන් එක් වන ගැන්ග්ස් ඔෆ් ගෝදාවරී චිත්රපටයේ ප්රවර්ධන වැඩසටහනකට සහභාගි වූ තෙලුඟු සිනමා තරුවක් සහ ආන්ද්රා ප්රදේශ් ප්රාන්ත සභාවේ මන්ත්රීවරයකු වන නන්දමුරි බාලක්රිෂ්ණා විසින් වේදිකාව මත දී අංජලී ව තල්ලු කරන වීඩියෝවක් සමාජ මාධ්යයන්හි වයිරල් විය.
ඒ සම්බන්ධයෙන් බාහිර පාර්ශවයන් හා කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ක්රියාකාරීන් දැඩි විරෝධයක් දැක් වූ අතර නිෂ්පාදන කණ්ඩායම විසින් එය විහිළුවට සිදු කල ලද්දක් බවත් පසුව ඔවුන් දෙදෙනා සුහදව කටයුතු කරනු දක්නට ලැබුනු බවත් නිවේදනය කරන ලදී.
අද දිනයේදී X පණිවුඩයක් නිකුත් කරමින් අංජලී කියා සිටියේද ප්රවර්ධන උත්සවයට සහභාගි වූ බාලක්රිෂ්ණා ට ස්තුතිවන්ත වන බවත් ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මිතුරන් වන බවත් ය.
සත්ය වශයෙන්ම වේදිකාව මත සිදුවූයේ කුමක් වුවත්,අංජලී ඇයටම ආවේණික අපූරු ලොකු සිනහවෙන් ඊට ප්රතිචාර දැක්වූවා ය.
Back to top
Go to bottom

Popular News