lan englan tam

පුවත්

'සිටුවර පුවත' නවකතාව නරඹන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චමිල් පතිරණ අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යය 'සිටුවර පුවත' ළඟදීම ප්‍රේක්ෂකයින් අතරට ඒමට නියමිතය.

සංගීතය - චින්තක ජයකොඩි, අංග රචනය - වසන්ත පූර්ණවංශ, කලා අධ්‍යක්ෂණය - චන්දන ගාල්ලගේ, රචනය - චාලක රණසූරිය, සංස්කරණය -ඩිලාන් විජය වික්‍රමකීර්ති, බුද්ධික රණසිංහ, කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන, නිෂ්පාදනය - චන්දන ලියනගුණවර්ධන විසින් සිදු කරන ලද ටෙලි නාට්‍යය 'සිටුවර පුවත' නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවක් වේ.
'සිටුවර පුවත' 2012 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියානි ඒකනායකගේ නවකතාවකි.
පණ්ඩුල බස්නායක නැමති සුප්‍රකට තරුණ ව්‍යාපාරිකයා අවුරුදු 35ක් පමණ වූවෙකි. ඔවුන්ගේ නිවස හඳුන්වන්නේ 'සිටු මැදුර' නමිනි. පණ්ඩුලගේ මව රදළ පැලැන්තියෙම ආඩම්බර කාන්තාවකි. ඇය සාදී කුමාරි හාමි වේ. සාදීගේ අයියා නිළමේ, නිලමේගේ බිරිඳ වසුන්රදා මැණිකේ, නිලමෙටත් වසුන්දරාටත් දාව දියණිය සරලා වේ. සරලා රූමත් තරුණියක් වන අතර විශ්ව විද්‍යාල සිසුවියකි. ඇය පණ්ඩුල ගැන බලාපොරොත්තුවෙන් පසු වුවත්, වත්පොහොසත්කම් පරතරය හේතුවෙන් සාදී පණ්ඩුල - සරලා සම්බන්දයකට කැමහ්ටි නොවන්නීය. කෙසේනමුත්, පණ්ඩුලට සතුරුකම් කරන පාර්ශ්වයක්ද මෙහි සිටී.
මෙම කතාව රැගත් 'සිටුවර පුවත' ළඟදීම බලාපොරොත්තු වන්න.

Back to top
Go to bottom

Popular News