lan englan tam

පුවත්

සොරකම කලාකරුවෙකු කළද වැරදිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී රියැලිටි තරඟයක අවසන් කිහිප දෙනා අතරට තේරී පත් වූ ගායකයෙකු සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඊයේ (04) අධිකරණයට කරුණු දක්වා තිබූ බව කරුණු වාර්තා විය.


අධිකරණ ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලැබීමට පෙර පුද්ගලයෙකු වරදකරුවෙකු ලෙස සඳහන් කිරීමට කිසිවෙකුට නොහැකි නමුත්, මේ වන විට අදාළ ගායකයා බෙහෙවින් දෝෂාරෝපණයට පත් වෙමින් පවතී. සිද්ධියට අනුව අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් තිබී පොලිස් භාරයට ගෙන තිබෙන බවද ප්‍රකාශ විය.
සැකකරුවන් ජේතවන ස්ථූපයේ කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය දක්වා සවි කොට තිබෙන තඹ ලෝහයෙන් නිමැවුණු අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන ලෝහමය කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දාගැබේ අකුණු සන්නායකය සවි කොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම අකුණු සන්නායකයේ ඇති ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500ක පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසියට හෙළි වී ඇති බව සඳහන් වේ.
සොරකම යනු කවුරුන් කළද සොරකමකි. එය කලාකරුවෙකු කළද අපිද එය අනුමත නොකරමු. නමුත්, මෙම සිදුවීමට අදාළව සොරකමක් වී ඇතැයි යන අදහස එන අතර එසේ වී ඇත්ද යන්න තවමත් තහවුරු වී නොමැත.

Back to top
Go to bottom

Popular News