lan englan tam

පුවත්

දර්ශන වාරණය කිරීමෙන් පසුව Oozhi ලංකාවේ තිරගත වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දර්ශන කිහිප්යක් වාරණයට ලක් කිරීමෙන් අනතුරුව Oozhi සිනමාපටය ශ්‍රී ලංකාවේ තිර ප්‍රදර්ශනය අරඹයි.

චිත්‍රප්ටයේ ප්‍රධාන නළුවෙකු වන ආකාශ් ත්‍යාගලිංගම් මේ බව පවසන අතර විශේෂ තිරගත කිරීමක් යාපනයේදී සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු සිනමා අධ්‍යක්ෂ රංජිත් ජෝසප්ගේ චිත්‍රපටයක් වන මෙය ශ්‍රී ලංකාවේ 'අඳුරු වියක්' (Oozhi - A Dark Age) යනුවෙන් හඳුන්වා දෙමින් තිර ප්‍රදර්ශන ඇරඹිණි.
ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් රැසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇති Oozhi 2009 යුද සමයේදී යුද්ධයේ කටුකත්වයට මුහුණ දුන් ජනතාවගේ ජීවන තත්ත්වය සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදහා පෙන්වන චිත්‍රපටයක් ලෙස හඳුන්වේ.
මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි උප ශීර්ෂ සහිතව තිරගත වේ.

Back to top
Go to bottom

Popular News