lan englan tam

පුවත්

දින 07ක් නොමිලේ ඩිජිටල් කළ කළු-සුදු සිනමාව නරඹන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අන්තර්ජාතික අධිලේඛන සතිය නිමිති කරගනිමින් ජුනි 09 වැනිදා සිට දින 07ක් දක්වා ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයට ලක් කර සිනමා කෘති ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ජුනි 09 සවස 05-07 කාලයේදී 'බඹරු ඇවිත්' සිනමා පටය ප්‍රදර්ශනය කෙරිණි. අද (10) සිට සෑම දිනකම සවස 3.30 - 5.30 අතර වේලාවේදී පිළිවෙළින් දෑස නිසා, පරසතු මල්, බඹා කෙටූ හැටි, සිසිල ගිනි ගනී, මංගල තෑග්ග, නිවෙන ගින්න යන සිනමා පට තිරගත වේ.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

Back to top
Go to bottom

Popular News